බැංකු තැන්පතු හා රැකියාව සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කර ඇතැයි චෝදනාව මත බි‍්‍රතාන්‍යයේ සරණාගතභාවය ලබාගැනීමට අයදුම්පත් ඉදිරිපත් කර තිබූ ශී‍්‍ර ලාංකික කාන්තාවකගේ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කිරීමට බි‍්‍රතාන්‍යය රජය කටයුතු කර තිබේ.
මෙම කාන්තාව හා ඇයගේ සැමියා බි‍්‍රතාන්‍යයේ නොෆෝල්ක් හි ක්‍රෝමර් නම් මුහුදුබඩ නගරයක වාසය කරන අතර ඇය තමන් නැවත ශී‍්‍ර ලංකාව බලා පිටත් කර නොහරින්නයි ඉල්ලා මේ වන විට අභියාචනයක් ඉදිරිපත් කර ඇත.
ආගමන විගමන කටයුතු හා සරණාගතයින් සඳහා වන මණ්ඩලයකට ඇය ඉදිරිපත් කර තිබෙන අභියාචනයේ සඳහන් වන්නේ ඇය ශී‍්‍ර ලංකාවේ ජීවත්වුණු සමයේ ශී‍්‍ර ලංකා ආරක්ෂක අංශ සාමාජිකයින් අතින් කිහිපවරක්ම දුෂණයට හා වදහිංසා වලට ලක්ව ඇති අයකු බැවින් නැවත ශී‍්‍ර ලංකාවට යෑම යනු ඇයගේ ජීවිතයට තර්ජනයක් විය හැකි බවය.
තමන් නිවාස අඩස්සියේ තබාගෙන සිටි ශී‍්‍ර ලංකා ආරක්ෂක අංශ සාමාජිකයින් තමන්ව සිගරට් කොට වලින් පුළුස්සමින් වද හිංසා පැමිණවූ බවද ඇය තම අභියාචනයේ සඳහන් කර තිබේ.
ඇයගේ සැමියා 1998 වසරේ බි‍්‍රතාන්‍යයට පැමිණියෙකි. සටන්වලට මැදිව තුවාළ ලැබූ තමා වහාම ශී‍්‍ර ලංකාව අතහැර පැමිණි බව පවසන ඔහු තම බිරිඳ සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමක් සිදුකර නොමැති බවත්, දියවැඩියා රෝගියෙකු වන තමාට ඇයගේ උවටැන් අත්‍යාවශ්‍යම බවත් කියයි.
අභියාචනය විමසීමේ කටයුතු ඉදිරි දිනකට කල්දැමීමට විනිසුරුවරු කටයුතු කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd