IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ලක් කතගේ ඉල්ලීමට බ්‍රිතාන්‍යය කන් නොදේ

බැංකු තැන්පතු හා රැකියාව සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කර ඇතැයි චෝදනාව මත බි‍්‍රතාන්‍යයේ සරණාගතභාවය ලබාගැනීමට අයදුම්පත් ඉදිරිපත් කර තිබූ ශී‍්‍ර ලාංකික කාන්තාවකගේ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කිරීමට බි‍්‍රතාන්‍යය රජය කටයුතු කර තිබේ.

මෙම කාන්තාව හා ඇයගේ සැමියා බි‍්‍රතාන්‍යයේ නොෆෝල්ක් හි ක්‍රෝමර් නම් මුහුදුබඩ නගරයක වාසය කරන අතර ඇය තමන් නැවත ශී‍්‍ර ලංකාව බලා පිටත් කර නොහරින්නයි ඉල්ලා මේ වන විට අභියාචනයක් ඉදිරිපත් කර ඇත.

ආගමන විගමන කටයුතු හා සරණාගතයින් සඳහා වන මණ්ඩලයකට ඇය ඉදිරිපත් කර තිබෙන අභියාචනයේ සඳහන් වන්නේ ඇය ශී‍්‍ර ලංකාවේ ජීවත්වුණු සමයේ ශී‍්‍ර ලංකා ආරක්ෂක අංශ සාමාජිකයින් අතින් කිහිපවරක්ම දුෂණයට හා වදහිංසා වලට ලක්ව ඇති අයකු බැවින් නැවත ශී‍්‍ර ලංකාවට යෑම යනු ඇයගේ ජීවිතයට තර්ජනයක් විය හැකි බවය.

තමන් නිවාස අඩස්සියේ තබාගෙන සිටි ශී‍්‍ර ලංකා ආරක්ෂක අංශ සාමාජිකයින් තමන්ව සිගරට් කොට වලින් පුළුස්සමින් වද හිංසා පැමිණවූ බවද ඇය තම අභියාචනයේ සඳහන් කර තිබේ.

ඇයගේ සැමියා 1998 වසරේ බි‍්‍රතාන්‍යයට පැමිණියෙකි. සටන්වලට මැදිව තුවාළ ලැබූ තමා වහාම ශී‍්‍ර ලංකාව අතහැර පැමිණි බව පවසන ඔහු තම බිරිඳ සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමක් සිදුකර නොමැති බවත්, දියවැඩියා රෝගියෙකු වන තමාට ඇයගේ උවටැන් අත්‍යාවශ්‍යම බවත් කියයි.

අභියාචනය විමසීමේ කටයුතු ඉදිරි දිනකට කල්දැමීමට විනිසුරුවරු කටයුතු කර ඇත.



අදහස් (0)

ලක් කතගේ ඉල්ලීමට බ්‍රිතාන්‍යය කන් නොදේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 459 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2211 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1661 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site