ලෝක ඉවසීමේ දිනය පිළිබඳ දෙදින සමුලුවක් ඊයේ (15) සහ අද (16) එක්සත් අරාබි එමිර් රාජයයේ ඩුබායි හිදී උත්කර්ශවත් අන්දමින් පැවත්විණ .
මෙවැනි සමුළුවක් ඩුබායිහි පවත්වන පළමු අවස්ථාව මෙයයි. බහුවිධත්වයේ සිට සමෘද්ධියට : නව්‍යකරණය හා සහයෝගිතාව තුළින් විවිධත්වය ඇතිකිරීම මෙම සමුළුවේ තේමාව විය.
රාජ්‍ය නිලධාරීන්, මහජන නියෝජිතයන්, පෞද්ගලික අංශ, සාම සාධක තානාපතිවරු සහ ලෝකයේ වෙනස්කම් කිරීමට සමත් වූ පුද්ගලයන් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.
ඉවසීමේ වැදගත්කම, සාමය , සමානාත්මතාවය සහ විවිධත්වය සැමරීම යන අංශ පිළිබඳ මෙහිදී අවධානය යොමු කරන ලදී.
ලොව වටා සිටි 2000 කටත් වඩා අමාත්‍යවරු සහ රාජ්‍ය නිලධාරීන් සමුළුව සඳහා සහභාගි වුහ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ යුනෙස්කෝ සංවිධානය විසින් නොවැම්බර් මස 16 වැනි දා ඉවසීමේ දිනය ලෙස ප්‍රකාශයට පත්කර ඇත.
- 63226

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකේ මූලාසනය දෙන්න තිබ්බේ අපේ රනිල් හිටපු අගමැතිතුමාටයි.