ලාඕසයේ මධ්‍යම පළාතේදී බෝම්බ ප්‍රහාරයකින් චීන ජාතිකයන් දෙදෙනකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා ඇතැයි චීන රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශ කරයි. පිපිරීම මෝටර් රථයක් තුළ සිදුවී ඇති අතර මෙම පුද්ගලයන් පතල් කර්මාන්ත සමාගමකට සම්බන්ධ අය බව සොයාගෙන ඇත.

චීනය මේ ප්‍රහාරය සම්බන්ධව ලාඕසයෙන් විමර්ශනයක් ඉල්ලා ඇත.

මෙම සිද්ධිය වාර්ථා වන්නේ ඉතා දුර්ලභ සිදුවීමක් ලෙස විදෙස් විචාරකයන් සඳහන් කළ ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ගේ ලාඕස සංචාරයෙන්  දින කිහිපයකට පසුවය.