
ලී වලින් නිර්මාණය කළ කුඩා චන්ද්‍රිකාවක් පෘථිවි කක්ෂයට යැවීමට ජපාන අභ්‍යවකාශ ආයතනයේ විද්‍යාඥයෝ සූදානම් වෙති.
මෙම කුඩා චන්ද්‍රිකාව සන්නිවේදන චන්ද්‍රිකාවකි. ‘ලිගානෝසැට්’ නමැති එය අභ්‍යවකාශයට යැවීම සිදුවනු ඇත්තේ ලබන සැප්තැම්බරයේදීය.
මෙම ලී චන්ද්‍රිකාව නිර්මාණය කිරීම ආරම්භ වූයේ 2020 දීය. චෙරි, බර්ච් සහ මැග්නෝලියා ලී මේ සඳහා භාවිතයට ගෙන ඇත.
‘කොයෝටෝ’ විශ්ව විද්‍යාලය සහ ‘සුමිටෝමෝ ෆොරස්ටි’ සමාගම එක් වී මෙම ලී චන්ද්‍රිකාව නිපදවා ඇත්තේ අභ්‍යවකාශයේ ගොඩගැසෙන අභ්‍යවකාශ කසලවලට පිළියමක් ලෙසය. අභ්‍යවකාශ කසල යනු අක්‍රිය වූ චන්ද්‍රිකා, රොකට් කැබලි ආදී ලෝහ කොටස්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd