IMG-LOGO

2025 මැයි මස 20 වන අඟහරුවාදා


’ලා පල්මා’ ගිනි කන්ද තවමත් පිපිරෙනවා

ස්පාඤ්ඤයට අයත් 'ලා පල්මා' දූපතේ 'කුම්බ්‍රේ වියේජා' ගිනි කන්ද තවමත් පිපිරෙමින් පවතින බවත්, මේ වනවිට ගිනි කන්දෙන් නිකුත් වන ලාවා හේතුවෙන් විනාශයට පත්වුණු නිවාස සහ ගොඩනැගිලි ගණන 800 කට වැඩි බවත් වාර්තා වේ.

ගිනි කන්ද පුපුරා යෑම ආරම්භ වූයේ මීට සති තුනකට පෙර පසුගිය සැප්තැම්බර් 19 වැනිදා ය. දූපතේ කෙසෙල් වගා බිම් හෙක්ටයාර් දහස් ගණනක් ලාවාවලටත් ගිනි ගැනීම්වලටත් හසුවී විනාශ වී ගොසිනි. ගිනි කන්ද පුපුරා යෑමත් සමඟ උන්හිටිතැන් අහිමිවූ ගණන 6,000 ක් බව දූපත් ආණ්ඩුකාරවරයා පවසා තිබේ.

ගිනි කන්දෙන් නිකුත්වන දුම්වලා කිලෝ මීටර් ගණනාවක් දුරට විසිරී පැතිරී ගොස් ඇති බවත්, දූපතට ඉහළින් ගුවන් ගමන් පවා නවතා දැමීමට පියවර ගෙන ඇති බවත් වාර්තා වේ. 'ලා පල්මා' දූපතේ ජනගහනය 83,000 කි.

(රොයිටර්)



අදහස් (0)

’ලා පල්මා’ ගිනි කන්ද තවමත් පිපිරෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 334 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 172 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1848 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site