ඕස්ට්‍රේලියා ජාතික රළ පදින්නකු වන නික් ෆැනින් රළ පැදීමේ තරඟාවලියක දී මෝර ප්‍රහාරයකින් දිවි බේරා ගැනීමට සමත් විය.
34 හැවිරිදි නික් ෆැනින් ලෝක ශ+ර රළ පදින්නෙති. ඔහු මෙම මෝර ප්‍රහාරයට ලක් වූයේ දකුණු අප්‍රිකාවේ පැවැති රළ පදින්නන්ගේ තරගයකට සහභාගී වී සිටිද්දීය.
මෝරා නික් ළඟට පැමිණෙන අයුරුත්, නික්ට පහර දෙන අයුරුත් රළ පැඳීමේ තරගය රූගත කළ වීඩියෝ ශිල්පීන්ගේ කැමරාවල පටිගත විය. අන්තර් ජාලයට එක් වී ඇත්තේ එම දසුන්ය.
මෝරා තමාට පහර දීමට පැමිණෙද්දී තමා අත මිට මොළවා ඌට පහර දුන්නේ යැයි නික් පසුව පැවැසීය.
මෝරාගෙන් එල්ල වුණු ප්‍රහාරයෙන් පසු රළ පැදීමේ තරගාවලිය අවලංගු කිරීමට සංවිධායකයෝ කටයුතු කළහ.
( ඩේලිමේල් ඇසුරිනි )


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝටා ඇති කරපු මෝරෙක් වගේ (නදී)
හැම දේම දේශපාලන ඇහින් බලන්නේ (ම)
හරිම වාසනාවන්ත මනුස්සයෙක්. මෝරට අතින් ගහන්න කොච්චර වීරයෙක් වෙන්න ඕනේද. ඔහු සතුටු වෙනවා ඇති, ලෝක පුදුම හතට දාන්න වටිනා කෙනෙක්. (ර)
මෝරාගේ පැත්තෙන් කතාකරන්න කෙනෙක් නැහැ. කුමට මෝරෙක් වුණේ නුඹ රළ පෙළ ඔපනඟන - සයුර සිප නුඹ රඟන - රැඟුමන් කෙසේ ඉවසම්ද - නිල් සයුර මට මැයි... (නි)
වාසනාවන්ත මිනිහෙක් (නදී)
සිරියාමේ සාරා නැගේවි හද මෝරා... (ර)
නිකන් ඉන්න බැරුවට කරන වැඩ (ම)
පුදුම දක්ෂ මනුස්සයෙක්. හරිම වසනවන්තයි. මෝරගෙන් බේරෙන එක ලේසි පහසු වැඩක් නෙමෙයි, මෝරට පැරදීමත් ඒ වගේමයි. (ර)
පුදුම දක්ෂ මනුස්සයෙක්. හරිම වසනවන්තයි. මොරගෙන් බේරෙන එක ලේසි පහසු වැඩක් නෙමෙයි,මොරට පැරදීමත් ඒ වගේමයි. (අ)
ලංකාවේ කෙනෙක් මේ දේට මුහුණ දුන්නා නම් ගිය වැඩේ පැත්තක දමලා මෝරව මස්කරයි. එහෙම බලනකොට මෝරා වාසනාවන්තයි (නි)
ඇත්තෙන්ම වාසනාවන්තයෙක්! (නි)
රල පෙළ ඔප නගන - සයුර සිප නුබ රගන - රැගුමන් කෙසේ ඉවසම්ද - නිල සයුර මට මැයි (ර)