ජර්මන් ඡායාරූප ශිල්පියකු ගත් සිය පරණ පෙම්වතියගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දසුන් මහේස්ත්‍රාත් ඉදිරියේදීම විනාශ කර දමන්නට සිදු විය.

ජර්මනියේ ඉහළ අධිකරණයක් විසින් විත්තිකාර ඡායාරූප ශිල්පියාට මෙම නියෝගය කළේය.විත්තිකරැ තමන් ඉතා සමීපව ඇසුරු කළ තම පෙම්වතියගේ ඡායාරූප සහ ලිංගික වීඩියෝ දසුන් ඇයගේ කැමැත්තෙන් රැගෙන තිබුන ද දෙදෙනාගේ ප්‍රේම සමිබන්ධතාවය අවසන් වීමත් සමගම ඇය අධිකරණයෙන් ඇගේ පුද්ගල රහස‍්‍ය භාවයට හානි ඇති නොවන ආකාරයට ඇයගේ සුරක්ෂිතතාවය රකින ලෙසට ඉල්ලා සිටියා. 

ඕනෑම අයෙකුට ඔවුන්ගේ කැමැත්ත පරිදි සැගවූ ලාංගික ඉරියව් රිසිසේ පරිශීලනය කිරීමේ හැකියාව පවතින බවත් යමි විටෙක එක් පාර්ෂවයක් අධිකරණ සහාය ඉල්ලා සිටිය හොත්, ආරක්ෂාව ලබා දීම අධිකරණයේ වගකීම බවත් නොවසේනම් සමහරක් රටවල් පවසන ආකාරයේ කාමුක පලිගැනීමේ අපරාධ සිදුවීමට ඉඩනඩ ඇති බවත් විනිසුරු පවසයි.

යුරෝපයේ පුද්ගල රහස්‍යභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් පවතින නීතිරීති වලට වඩා තද නීතිරීති පද්ධතියක් ජර්මනියේ ක්‍රියාත්මක වෙයි