IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


රහසේම ‘චැට්‘ කරන්න ෆේස්බුක් පහසුකමක් එයි?

ෆේස්බුක් පණිවුඩ රහසිගත ලෙස යැවීමේ පහසුකමක් මේ වන විට පරීක්ෂණ මට්ටමේ පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව අදාළ ෆේස්බුක් ගිණුමේ හිමිකරුට අවශ්‍ය පණිවුඩ අවශ්‍ය කාලයක් තුල පමණක් හෝ අවශ්‍ය උපාංගයක(දුරකථනයක) පමණක් දර්ශනය වන ආකාරයට පණිවුඩ හුවමාරු කරගැනීමට හැකියාව මෙමගින් ලැබෙනු ඇත.

මෙම පහසුකම ෆේස්බුක් මැසෙන්ජර් හරහා භාවිත කළ හැකි වේ. එමෙන්ම එම පණිවුඩ ගබඩා වන්නේ ගිණුමේ හිමිකරුවා විසින් තෝරාගන්නා උපාංගයේ පමණක් වන අතර වෙනත් උපාංගයකින් එය ලබාගැනීමේ හැකියාවක් නැත.

මෙහි ප්‍රධාන අරමුණ වශයෙන් සෞඛ්‍ය සහ මුල්‍යමය රහස් විශ්වාසයෙන් යුතුව හුවමාරු කරගැනීමේ හැකියාව ඇතිකිරීම මෙන්ම ආදර සම්බන්ධතා සදහා රහසිගත හෝ පෞද්ගලික පණිවුඩ හුවමාරුවකට ඉඩ සැලසීම ලෙස සදහන් වේ.

එමගින් තම ෆේස්බුක් ගිණුම වෙන කෙනෙක් අතට ගියද තම රහස්‍යභාවය ආරක්ෂා කරගැනීමට හැකි වනු ඇති බව ෆේස්බුක් ආයතනය පවසයි.

නමුත් මුල් අවධියේදී එම පහසුකම හරහා වීඩියෝ සහ ජි.අයි.එෆ් ඡායාරූප හුවමාරු කිරීමේ හැකියාවක් නොමැති බව ඔවුහු පවසති. එමෙන්ම කිසියම් පුද්ගලයෙකු විසින් තම ගිණුම අනවසරයෙන් භාවිත කලත් එම පණිවුඩ බැලීමට නොහැකි වීම මගින් ආරක්‍ෂිත පණිවුඩ හුවමාරු කිරීමක් සිදු කල හැකිය. මුලින්ම මෙම පහසුකම සීමිත වශයෙන් ලබාදෙන අතර මෙම වසර අවසන් වීමට පෙර එම පහසුකම පුළුල් වශයෙන් ලබාදීමට හැකි වනු ඇතැයි එම ආයතනය පවසයි.



අදහස් (0)

රහසේම ‘චැට්‘ කරන්න ෆේස්බුක් පහසුකමක් එයි?

නලින් යහම්පත් Wednesday, 13 July 2016 06:23 AM

ලංකාව වෙනි නොදියුණු රටකට අවශ්‍යම දෙයක් මේක , මේක නැතුව අද රට ඉදිරියට ගෙනියන්න බැහැ , පාසල් සිසුවාගේ සිට ත්‍රිවිලර රියදුරත් , කන්තෝරු වල වැඩ කරනා අයටත් මේක ඉක්මණින් ලබා දෙන්න (ම)

:       0       0

රවීන් Tuesday, 12 July 2016 05:28 AM

ත්‍රස්තවාදය ලෝකයේ හැම තැනම වගේ? මේවාගෙන් ඒගොල්ලෝ ප්‍රයෝජන ගන්නේ නැතිවෙනවාද? (ම)

:       0       0

උපාලි - ඕමාන් Tuesday, 12 July 2016 08:03 AM

හැමදේකම හොඳ නරක දෙකම තියෙනවා (බ)

:       0       0

ආදිත්‍ය Tuesday, 12 July 2016 01:20 AM

හරිම ෂෝක්. හොර වැඩ වලට නියමයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 587 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2280 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1707 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site