IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


රහස් ලියවිලි ගැන කිසිවක් දන්නේ නෑ

රහස් ලියවිලි ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ට චෝදනා එල්ල ඇත. එම චෝදනා සම්බන්ධයෙන් බයිඩන් පවසා ඇත්තේ තමන් ඒ ගැන කිසිවක් නොදන්නා බවය.

ලියවිලි හමුවී ඇත්තේ බයිඩන්ට අයත් ඔහුගේ පෞද්ගලික කාර්යාලයකින් බව බයිඩන්ගේ නීතීඥවරුන් අනාවරණය කළේ ය. යුක්රේනය, ඉරානය, එක්සත් රාජධානිය සම්බන්ධයෙන් ලියවිලි එම රහස් ලියවිලි අතර ඇති බව නීතීඥවරුන් පවසා තිබේ.

‘රහස් ලියවිල්ලක බරපතලකම මා හොඳින් දන්නවා. ඒ ගැන විමර්ශනයක් ආරම්භ වෙනවා. එම විමර්ශනයට මාගේ පූර්ණ සහාය හිමිවේවි. ඒ ගැන මා කිසිවක් දන්නේ නැහැ.’ යැයි ජනාධිපති බයිඩන් පැවැසුවේ මෙක්සිකෝවේ මෙක්සිකෝ සිටී නුවර පැවැති මාධ්‍ය හමුවකදීය.

එම මාධ්‍ය හමුවට මෙක්සිකෝ ජනාධිපති ඇන්ද්‍රේස් මැනවෙල් ලෝපේස් සහ කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ද එක් වී සිටියහ. ඇමෙරිකන් ජනාධිපති බයිඩන්, කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ මෙක්සිකෝ සිටී නුවර පැවැත්වෙන ‘මෙක්සිකෝ සමුළුවට’ සහභාගී වෙති.

බයිඩන් සහ ටෲඩෝ සමුළුවට සහභාගී වෙන්නේ මෙක්සිකෝ ජනාධිපති ලෝපේස්ගේ ආරාධනාවකට අනුවය. මෙක්සිකෝ සමුළුවේ ප්‍රධාන අරමුණ දේශසීමා ආරක්ෂාවය. මෙක්සිකෝව, ඇමෙරිකා එක්සත් ජකපදය සහ කැනඩාව එන ළඟ පිහිටි රටවල්ය.

80 හැවිරිදි ජෝ බයිඩන්, ඇමෙරිකා ජනාධිපති ධුරයට පත් වුණු වයස්ගතම පුද්ගලයා වන්නේ ද බයිඩන්ය. 2009 සිට 2017 තෙක් කාලයේ බැරැක් ඔබාමා ඇමෙරිකා ජනාධිපති ධුරය හොබවද්දී, උප ජනාධිපති ධුරය හෙබවූයේ ජෝ බයිඩන්ය.

2017 සිට 2019 තෙක් කාලයේ බයිඩන්, පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ ගරු මහාචාර්යවරයකු ලෙස කටයුතු කළ අතර, විශ්ව විද්‍යාලයේ රාජ්‍ය තාන්ත්‍රික සහ ගෝලීය කටයුතු පිළිබඳ කාර්යාලයක් බයිඩන්ට තිබුණි. රහස් ලියවිලි හමුවූයේ මෙම කාර්යාලය වසා දැමෙද්දීය. මෙම රහස් ලියවිලි බයිඩන් අතට පත් වී ඇත්තේ ඔහු උප ජනාධිපති ධුරය හොබවද්දී යැයි පැවැසෙයි.

උප ජනාධිපති ධුරයෙන් ඉවත් වෙද්දී, බයිඩන් මෙම ලියවිලි ආපසු බාරදීම කළ යුතු නමුත්, ඔහු එසේ කර නැති බවට චෝදනා එල්ල වී ඇත. බයිඩන්ට අයත් කාර්යාලයේ තිබී ලියකියවිලි කීපයක් හමුවුණු බව බයිඩන්ගේ නීතීඥවරුන් ප්‍රකාශ කළේ ඊයේ (10) ය.

චෝදනා සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන සඳහා රාජ්‍ය ලේඛනාගාරය සහ අධිකරණ දෙපාර්තමේන්තුව ද සහාය දක්වනු ඇතැයි ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

(රොයිටර්)



අදහස් (0)

රහස් ලියවිලි ගැන කිසිවක් දන්නේ නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 358 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2157 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1636 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site