
යේමනයේ හවුති සටන්කාමීන් ඉලක්ක කරගෙන, ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන්, ඇමෙරිකන් ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් ධවල මන්දිරයේ රහස් කතාබහක් පැවැතිණි.
එම කතාබහට, ධවල මන්දිරයේ නොසිටි ආරක්ෂක අංශ ප්‍රධානීන් සම්බන්ධ කර ගැණුනේ, විශේෂ ආරක්ෂිත යෙදුමක් එසේත් නැතිනම් ඇප් එකක් හරහාය.
අනාරාධිතව කිසිවකුට මෙම යෙදුමට, (ඇප් එකට) සම්බන්ධ විය නොහැකි අතර, කතාබහට එක්වුණු පිරිස අතරේ ‘ඇට්ලැන්ටික් මැගසීන්’ පුවත් සඟරාවේ ප්‍රවෘත්ති වාර්තාකරු ජෙෆ්රි ගෝල්ඩ්බර්ග් ද සිට ඇත.
ගෝල්ඩ්බර්ග් පසුව ප්‍රසිද්ධියේ පවසා ඇත්තේ, යේමනයේ හවුති සටන්කාමීන්ට ගුවන් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් හමුදා සැලැසුම්, ඒ සඳහා යොදා ගන්නා මිසයිල ආදී අවි ආයුධ සහ ගුවන් ප්‍රහාර එල්ල කරන වේලාවන් ආදිය සම්බන්ධයෙන් සවිස්තරාත්මක විස්තර ඔහුට ද ලැබුණු බවය.
සාකච්ඡාව පැවැත්වෙද්දී, ධවල මන්දිරයේ සිටි පිරිස අතර, උප ජනාධිපති ජේඩී වැන්ස් සහ ඇමෙරිකාවේ ආරක්ෂක ලේකම් (ආරක්ෂක ඇමැති) පීට් හෙග් සෙත් ද සිටියහ.
ධවල මන්දිරයේ රහස් සාකච්ඡාවක් සඳහා ප්‍රවෘත්ති වාර්තාකරුවකු සම්බන්ධ කර ගැනීම ධවල මන්දිර කාර්ය මණ්ඩල අතින් සිදුවුණු අතපසුවීමක් බව මේ වනවිට අනාවරණය වී ඇති අතර, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද ඒ බව දැනගත් බව පැවැසෙන්නේ, මාධ්‍ය හරහා එම සිද්ධිය ප්‍රසිද්ධියට පත් වෙද්දීය.
කෙස් නමුත්, අතපසුවීමකින්, ප්‍රවෘත්ති වාර්තාකරුවකු සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන්, ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන්, රිපබ්ලිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනයට චෝදනා කිරීමට පටන් ගෙන ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය ඊයේ (24) වාර්තා කළේය.
ධවල මන්දිරයේ උප ජානාධිපති, ආරක්ෂක ලේකම් සහ සෙසු ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ රහස් සාකච්ඡාවට ප්‍රවෘත්ති වාර්තාකරුවෙකු සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පැවැත්විය යුතු බව ඩිමොක්‍රටික්වරුන්ගේ පමණක් නොව, ඇතැම් රිපබ්ලිකන්වරුන්ගේ ද මතය යැයි පැවැසෙයි.
යේමනයේ හවුති සටන්කාමීන් යනු ෂියා මුස්ලිම් සටන්කාමීන් සංවිධානයකි. මොවුන්ට අනුග්‍රහය මෙන්ම අවි ආයුධ ලබා දීම ද සිදු කරන්නේ ඉරානය සහ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයයි.
ඊශ්‍රායල හමාස් සටනේදී, ගාසා තිරයේ හමාස් සටන්කාමීන්ට සහාය දක්වමින්, ඊශ්‍රායලයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරන්නේත්, රතු මුහුදේ ඊශ්‍රායලයට හිතවත් බටහිර රටවල නැව්වලට පහර දෙන්නේත් මෙම හවුති සටන්කාමීන්ය. මේ වනවිට හවුති සටන්කාමීන් ‘ගෝලීය ත්‍රස්තවාදීන්’ ලෙස නම් කිරීමට ඇමෙරිකාව පියවර ගෙන ඇති අතර, ට්‍රම්ප්ගේ අණින් හවුති සටන්කාමීන්ට ප්‍රහාර එල්ල වෙයි.
ඒ.එෆ්.පී.)
2025 ඔක්තෝබර් මස 08
1427
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1300
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
469
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
රහස් ආරක්ෂක හමුවකට මාධ්‍යවේදියෙක් ගෙන්වලා