රෝහල් වැනි සෞඛ්‍යය ක්ෂේත‍්‍රය හා සම්බන්ධ ආයතන වලදී අතට - අත දීමෙන් වැළකී සිටිය යුතුව ඇතැයි වෛද්‍ය පර්යේෂක කණ්ඩායමක් කියති.
ශේෂයෙන් වෛද්‍යවරුන් රෝගීන් හා අතට අත දීමෙන් වැළකී සිටීම යෝග්‍ය යැයි ඔවුහු පවසති.
අතට අත දීමෙන් එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට ව්‍යාප්ත වන රෝග කාරකයින් සංඛ්‍යාව සදහන් කළ නොහැකි තරම් විශාල ගණනක් ගන්නා බව ඔවුහු කියති.
ඔවුන් මෙය සමාන කරනුයේ පොදු ස්ථානයක දුම්බොමින් සිටින්නෙකු පිට කරන ධූමය ආඝ‍්‍රාණය කරන ඔහු වටා සිටින පුද්ගලයින්ද දුම් පානය කරන්නන් බවටම පත්වීමේ කි‍්‍රයාවලියටය.මෙහිදී දුම්බොන්නාට වඩා ඔහු වටා සිටින පුද්ගලයින්ට දුම් බීමේ ආදීනවයන්ට මුහුණදීමට සිදුවන බව පර්යේෂණ වලින් සොයාගෙන තිබේ.
මේ ආකාරයටම සැළකුවහොත් අතට - අත දීමේදීත් විශේෂයෙන් රෝගියා තම වෛද්‍යවරයාට රෝග කාරකයන් ව්‍යාප්ත කිරීමේ ඉහළ සම්භාවිතාවක් ඇතැයි පර්යේෂක කණ්ඩායම පෙන්වා දෙති.
මෙයට පිළියමක් ලෙස විධිමත් සනීපාරක්ෂක සේවාවන් රෝහල් වල ස්ථාපිත කිරීමට හැකියාව ඇතත් ඒ වෙනුවට අතට අත දීම වෙනත් අචාර විදියකින් ආදේශ කර ගැනීම සුදුසු බව ඔවුහු පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකන් නෙමෙයිනෙ අපේ මුතුන් මිත්තො අත්දෙක එකතු කරලා ආයුබෝවන් කිව්වෙ. බදාගෙන අතදීගෙන වැළඳගෙන ආචාර සමාචාර කළවිට ලෝකෙ නැති ලෙඩ හැදෙනවා කියලා අපි නම් දන්නවා. (නි)
දෑත ළංකරලා සිනහා පිරි මුවින් ආයුබෝවන් කියනවා නම් මේ ප්‍රශ්ණයට විසඳුම එතන තියෙනවා.දැන් ඉතිං සුද්දෝත් අපේ වචන භවිතා කරන්න පටන් ගනියි මීට පස්සේ.මේක අපේ කළු සුද්දන්ට දිරවයිද දන්නේ නැහැ (නි)
රෝහලකට යාමට ප්‍රථම හොඳට ආහාර ගන්න. හිස්බඩ නොයන්න.ගෙදර ආපසු අතපය සෝදා, ඇඳ සිටි ඇඳුම් සෝදන්න (නි)