රෝගී වූ 12 හැවිරිදි දරුවා සිය කරමතින් රෝහලට රැගෙන යද්දී මිය යාමේ දුක්බර පුවතක් ඉන්දියාවේ උත්තර ප්‍රදේශයෙන් වාර්තාවෙයි. ඉන්දියාවේ මනෝරාමා පුවත්පතට අනුව එම දරුවා කාන්පුර් නගරයේ රෝහලට රැගෙන ගිය අවස්ථාවේ එම රෝහලෙන් බාර නොගැනීම නිසා පියා විසින් රෝගී වූ තම දරුවා කරමත තබාගෙන වෙනත් රෝහලකට රැගෙන යද්දී මියගොස් ඇති බව වාර්තාවෙයි. මීට දින කිපයකට පෙර බස් රථයක් තුළ මියගිය මව සමග දින පහක් වයසැති දරුවා අතර මග දමා යාවේ පුවතක් ද ලොව පුරා ප්‍රචාරය විය.

362