ඉන්දීය කොංග්‍රස් පක්ෂ මහ ලේකම් රාහුල් ගාන්ධි සිටින තැන ගැන නිවැරදි තොරතුරක් දෙන කෙනකුට මුදල් තෑග්ගක් පිරිනමන බව ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ භාරතීය ජනතා පක්ෂයේ ක්‍රියාකාරීහු පවසති.
මොවුහු ‘අමෙති‘ නුවර කේන්ද්‍රකොට ගනිමින් විරෝධතාවක් ද පැවැත් වූහ. ඔවුන් අත තිබූ විරෝධතා බැනර්වල ලියා තිබුණේ ‘රාහුල් ඔබ කොහේ ගියාදෝ ?‘ යනුවෙනි.
‘අමෙති‘ යනු රාහුල් ගාන්ධිගේත් ඉන්දිරා ගාන්ධි පවුලේත් ආසනයයි. එය 1980 දශකයේ සිට නේරු ගාන්ධි දේශපාලන පරපුරේ බළකොටුව ලෙස සැළකෙයි.
‘අමෙති වැසියන්ට ගැටළු රැසක් තියෙනවා. සංවර්ධන කටයුතු කඩා වැටිලා. යටිතළ පහසුකම් බිඳ වැටිලා. අපේ නායකයා රාහුල් අතුරුදන්. ඔහු කොහේදැයි අපි දන්නේ නැහැ. අමැති අසුනට දැන් නායකයෙක් නැහැ.‘ යැයි විරෝධතාකරුවෝ පවසති.
මීට අමතරව උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ තවත් නගර කිහිපයක ද විරෝධතා රැලි පැවැත් වුණු බව ඉන්දීය පුවත් සේවා වාර්තා කළේය.
රාහුල් නිවාඩු ලබා ගත් බව ඉන්දියා (ලෝක් සභාව) පවසයි.
කොංග්‍රස් පක්ෂය පවසා ඇත්තේ රාහුල් සිය ජීවිතයේ අලූත් පරිච්ඡේදයක් ආරම්භ කරමින්, බෞද්ධ දර්ශනයට අනුව ආධ්‍යාත්මික සුවයක් පතා සංචාරයක යෙදෙන බවයි. ඔහු විපස්සනා භාවනාවේ යෙදී සිටිතියි කියති.
මේ අතර ඉකුත් 12 වැනිදා මහ ලේකම් රාහුල් ගාන්ධිගේ නවදිල්ලි අගනුවර පිහිටි නිවස හදිසියේ දිල්ලි පොලිසියේ සෝදිසි කිරීමකට ලක් වී ඇති අතර, එය කොංග්‍රස් පක්ෂයේ දැඩි විරෝධයට ද හේතුවක් විය.
තම පක්ෂ මහලේකම්වරයාගේ නිවස එසේ සෝදිසි කළේ ඇයිදැයි කොංග්‍රස් පක්ෂය අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් සහ ස්වදේශ කටයුතු ඇමැති රජිනාත් සිංගෙන් ප්‍රශ්න කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොදු ජනතාවගේ යහපත පිණිස පවුල් දේ්‍ශපාලනය මෙලොවින් තුරන් වේවා! (ස)
අර අපේ කෙනෙකුත් සිටින තැන ගැන නිවැරදි තොරතුරක් දුන්නොත් ඒකටත් මුදල් තෑග්ගක් දෙමු. (නි)
රජ කුමරුගේ සබෑ ජය සොයා ගමනක්ද? (ස)
ඒ දේශපාලන පවුලේ පුතාල භාවනා කරන්න යනවා. අපේ සමහරු ලම්බෝගිනියේ නැගලා හින්දි නළු නිලියන් ගෙන්වා ගෙන රටේ සල්ලි වලින් විනෝද වෙනවා. ඔන්න වෙනස ! (ම)
මොකද එයත් අතුරුදහන්වෙලාද? (නි)
ජාත්‍යන්තර පොලිසියෙන් ඉල්ලීමක් කළා නම් ඉවරයි , අපේ බැසිල් රාජපක්ෂත් ආගිය අතක් නෙහෙලු , පුළුවන් කෙනෙකු සොයා දෙන්න , (ම)
තව ටික කලකින් බැසිල් සිටින තැන ගැන නිවැරදි තොරතුරක් දෙන කෙනකුට මුදල් තෑග්ගක් පිරිනමන බව නිවේදනය වේවි. (ත)
මේ පවුල දේශපාලන වශයෙන් ඉවරවෙලා යන එක ලංකාවේ සහ ඉන්දියාවේ අනාගතයට ඉතා හොඳය. (ර)