රුසියාවේ බටහිර වොරෝනෙස් පෙදෙසේ පිහිටි මානසික රෝහලක ඇතිවූ ගින්නකින් 23 දෙනකු මියගොස් 21 දෙනෙක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගින්න ඇතිවන අවස්ථාවේ ගොඩනැගිල්ලේ සිටි පිරිස 140ක් පමණ බවත් ඇඳන්වල සිටි රෝගීන් සංඛ්‍යාව 50ට අධික බවත් මාධ්‍ය වාර්තාවල දැක්වේ. ගින්නෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් බලධාරීන් පවසයි.

ගින්නෙන් ගොඩනැගිල්ල සම්පූර්ණයෙන් ම විනාශ වී ඇත. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය නොවූ බව ගිනි නිවන ඒකකය පවසයි.