
ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධීට එරෙහිව පොලිස් පැමිණිල්ලක් ගොනු කර ඇත. ඒ, භාරතීය ජනතා පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙනි.
පාලක භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ සන්ධානය සහ කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ ජාතික ඉන්දියා සන්ධානය විරෝධතා පාගමන් දෙකක් සංවිධානය කර තිබුණි. එහිදී දෙපිරිසම පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිරිපිටට පැමිණි අවස්ථාවේදී යම් කළහකාරී තත්ත්වයක් නිර්මාණය විය.
එම අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ පියගැටපෙළ මතදී රාහුල් ගාන්ධී විසින් භාරතීය ජනතා පක්ෂයේ එක් මන්ත්‍රීවරයෙකු තල්ලු කළ බවත්, එහිදී අදාළ මන්ත්‍රීවරයා තවත් මන්ත්‍රීවරයෙකු මතට ඇද වැටී ඇති බවත් වාර්තා වේ. එම මන්ත්‍රීවරුන් දෙදෙනා, විපක්ෂ නායකවරයාට එරෙහිව, පොලිස් පැමිණිල්ලක් ගොනු කර, රෝහල් ගතවූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා පැහැදිලි කර ඇත.
ඉන්දීය ලෝක් සභා මන්ත්‍රීවරුන් එම විරෝධතාවන්හී නිරත වූයේ, ඉන්දියාවේ පළමු අධිකරණ අමාත්‍යවරයා ලෙස සැලකෙන අභාවප්‍රාප්ත ආචාර්ය බී ආර් අම්බෙද්කාර්ට එරෙහිව ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා කළ ප්‍රකාශයක් මුල් කරගනිමින්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd