
ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධිගේ විවාහය සම්බන්ධයෙන් යළිත් වරක් ප්‍රශ්නාර්ථයක් මතු වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි, ශ්‍රී නගර් නුවර විශ්ව විද්‍යාල සිසු සිසුවියන් පිරිසක් හමුවී ඔවුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සිටියදී, ඔබ විවාහ වෙන්නේ නැද්ද? යනුවෙන් එක් සිසුවියක රාහුල්ගෙන් ප්‍රශ්න කළාය.
එහිදි 54 හැවිරිදි රාහුල් මෙසේ පිළිතුරු දුන්නේය.
'මට ගැලපෙන කෙනා හමුවුණේ නැහැ. තවමත් හමුවෙලා නැහැ. හමුවුනොත් මා විවාහ වෙනවා. ඒත් දැනට මා විවාහ වී සිටින්නේ මගේ පක්ෂය සමඟය. පක්ෂය තමයි මගේ පවුල'

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd