ඩකාහිදීය (රොයිටර්)
 
මියන්මාරයේ සිට බංග්ලාදේශයට පැන යන රෝහින්ග්‍යා මුස්ලිම් සරණාගතයන්ට පිහිටවීම සඳහා ඉදිරි මාස හයක කාලයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක් අවශ්‍ය වන බව බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු කර තිබේ. 
 
එක්සත් ජාතීන්ගේ සංවිධානය සැප්තැම්බර් 9 වැනිදා රෝහින්ග්‍යාවරුන්ට සහන සැලැසීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 78ක මුදලක් අවශ්‍ය බව නිවේදනය කළේය. එහෙත් නොනවත්ව රෝහින්ග්‍යාවරුන් බංග්ලාදේශයට පැමිණීම නිසා බංග්ලාදේශයේ සිටින සහන සේවකයන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ද අර්බුද රැසකට මුහුණ පා සිටියි. 
 
අගෝස්තු 25 වැනිදා සිට මේ දක්වා කාලයේදී රෝහින්ග්‍යා සරණාගතයන් 422,000කට වැඩි පිරිසක් බංග්ලාදේශයට පැමිණ ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දත්ත වාර්තා සඳහන් කරයි. 
 
දශක ගණනක් තිස්සේ පවතින රෝහින්ග්‍යා අර්බුදය අලුත් වූයේ රෝහින්ග්‍යා කැරැලිකරුවන් අගෝස්තු 25 වැනිදා හමුදා කඳවුරකට සහ පොලිස් මුරපොළකට එල්ල කළ ප්‍රහාරයක් සමඟිනි. 

මියන්මාරයේ බහුතරයක් දෙනා බෞද්ධයෝය. වාර්ගික කණ්ඩායම් 135 කට වැඩි ප්‍රමාණයක් එරට ජීවත් වෙති. මෙම වාර්ගික කණ්ඩායම් අතරේ විවිධ අවස්ථාවලදී ගැටුම් ඇති වේ. රෝහින්ග්‍යාවරුන් ජීවත් වනුයේ මියන්මාරයේ රකීන් ප්‍රාන්තයේය. එම ප්‍රාන්තයේ සිටින බෞද්ධයන් සහ රෝහින්ග්‍යාවරුන් ගැටුම් ඇති වී බවට වාර්තා තිබේ. ්‍

ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන බවත් රෝහින්ග්‍යාවරුන් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කරන බවටත් මියන්මාර හමුදාවලට චෝදනා එල්ල වී තිබේ. මියන්මාර ආණ්ඩුව එම චෝදනා ප්‍රතික්ෂේප කරයි. ප්‍රචණ්ඩ ක්‍රියාවලට වගකිව යුත්තේ රෝහින්ග්‍යවරුන්ගෙන් සැඳුම්ලත් කණ්ඩායම් යැයි ආණ්ඩුව ප්‍රකාශ කරයි. 

055