රොමියන්මාරයේ ඇති වී තිබෙන ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් රෝහින්ග්යා ජාතිකයන් 90,000කට වැඩි පිරිසක් බංග්ලාදේශයට පැන ගොස් ඇතැයි වාර්තා සඳහන් කරයි.
දින 10ක් ඇතුළත් රෝහින්ග්යා සරණාගතයන් 87,000ක් බංග්ල්දේශයට පැමිණ ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධාන වාර්තාව පෙන්වා දෙයි.
අගෝස්තු 25 වැනිදා රෝහින්ග්යා කැරැලිකරුවන් පොලිස් මුරපොළවලට සහ හමුදා කඳවුරකට එල්ල කළ ප්‍රහාරයක් සමඟ නව ගැටුම් ඇති වූ අතර මෙතෙක් පැවැති ගැටුම්වලින් 400කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
සිවිල් වැසියන් ඝාතනයට ලක්වීම සහ නිවාසවලට ගිනි තැබීම්වලට වගකිව යුත්තේ රෝහින්ග්යා සටන්කාමීන් යැයි මියන්මාර බලධාරීන් චෝදනා කළ ද හමුදාව නිසා ගැටුම් ඇති වූයේ යැයි බංග්ලාදේශයට පැන ගිය රෝහින්ග්යාවරුන් සහ නිරීක්ෂණ සංවිධාන චෝදනා කරයි.
රෝහින්ග්යා මුස්ලිම්වරුන් බංග්ලාදේශයට පැමිණීමත් සමඟ සහන සේවා සපයන සංවිධාන සහ බංග්ලාදේශ ජනතාවද විශාල අර්බුදයකට මුහුණ දී සිටිති. මීට පෙර පැමිණි දහස් ගණනක් නිසා සහන ආයතනවලට සහ විවිධ ප්‍රජාවලට පැමිණෙන සරණාගතයන්ට සහන සැපයීම දුෂ්කර වී තිබේ.
බෞද්ධයන් බහුතරයක් ජීවත්වන මියන්මාරයේ ආසන්න වශයෙන් රෝහින්ගියාවරු මිලියන 1.1ක් පමණ ජීවත්වෙති. එරට නායිකාව වශයෙන් කටයුතු කරන අවුන් සාන් සූකි මුහුණ දී තිබෙන ප්‍රධානතම අභියෝගය වනුයේ ද මෙම රෝහින්ග්යාවරුන්ගේ අර්බුයයි. එරට සුළුතර ජනකොටසක් ලෙසින් සැලකෙන රෝහින්ග්යාවරුන් වෙනුවෙන් කතා නොකිරීම සම්බන්ධයෙන් ඇය බටහිර රටවල විවේචනයට ලක්ව තිබේ.
පසුගිය ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා කාලයේදී රෝහින්ග්යාවරුන් 150,000කට වැඩි පිරිසක් බංග්ලාදේශයේ සරණාගතභාවය ඉල්ලා ඇතැයි එක්සත් ජාතීන්ගේ සහ සහන සේවකයන්ගේ ගණනය කිරීම් මත පදනම් වූ නවතම ඇස්තමේන්තුවල සඳහන් වේ.
ඒ.එෆ්.පී/රොයිටර් 055



2025 නොවැම්බර් මස 04
695
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2366
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1734
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රෝහින්ග්යාවරු 90,000ක් මියන්මාරයෙන් පළා යති
nuwan Monday, 04 September 2017 09:17 AM
පොරවෙන් කොටන්න කලින් නිය පොත්තෙන් කඩලා දාන්න ඕනි මේවා . අද අනුකම්පාව මතු දවසක බුමිකම්පාව . හොදයි . අපිට නැ නේ සුකී වගේ කෙනෙක් !
raveendraMonday, 04 September 2017 10:06 AM
රුවන් මයා වෙත, ඔබගේ අදහස නිවැරැදි වන අතර ඒ සඳහාද නායකත්වයක් අවශ්‍ය වේ.
sadun Monday, 04 September 2017 09:50 AM
කවදා හරි දවසක සිංහලයට දුවන්න වෙයි රට දීලා. සුළු ජාතිය වුණ ගමන්ම සිංහලයට පමණක් නෙමෙයි, හින්දු කතෝලික උදවියට යන්න රටවල් හොයා ගන්න වෙයි. මේ රටවල්වල අය දැන් තේරුම් අරන් ඉන්න නිසා තමයි මෙහෙම ක්‍රියාත්මක වෙන්නේ. මතු උපදින දරුවන්ට රටත්, ජාතියත් රැක දෙනවා.
nimallalitha Monday, 04 September 2017 10:02 AM
මේ කුඩා දරුවන් සහ මහලු අය දකින විට කණගාටුවක් ඇතිවේ. එහෙත් මුස්ලිම් අන්තවාදය සෑම බෞද්ධ රටකටම තර්ජනයකි. මෙහි සිංහලයන්ටද මෙය හොඳ පාඩමකි.
Lal Monday, 04 September 2017 01:51 PM
මේ මුස්ළිම් මිනිස්සු බෞද්ධ රටවල් විනාශ නොකර ඇයි සෞදි අරාබියට නොයන්නේ?
sanjeevaMonday, 11 September 2017 04:18 PM
ලාල් - වහාම ක්‍රියාත්මක වන පරිදි සිංහල බෞද්ධ ඩයස්පෝරාවේ කට්ටිය ඔක්කොම මෙහාට ගෙන්වාගන්න.. ඒ ගොල්ලෝ ඉන්නේ බෞද්ධ රටවල්වල නෙවෙයි.. ඒ ගොල්ලොන්ගේ ජීවිත අනතුරේ...
susantha Monday, 04 September 2017 03:24 PM
ඉල්ලන් කනවා කියන්නේ ඕකට තමයි. ගියතැන ඉවරයි. පාඩුවේ ඉන්නේ නැතිව මහා ජාතියට කොකා පෙන්වන්න නේ හදන්නේ...
minipe Monday, 04 September 2017 04:08 PM
මේ මිනිසුන් ඒ රටේම ඉපදුනු කොටසක්. මේ රට බෞද්ධ රටක් නේද?
sanjeevaMonday, 11 September 2017 10:51 AM
පේනවා නේද? අර බැඳගෙන ගෙන යන කෙනා.. අති බිහිසුණු අන්තවාදී පාපකාරී මිනීමරු ත්‍රස්තවාදියෙක් . යන්න දෙන්න එපා .. දුටු තැන කුඩුවෙන්න තියන්න .. එහෙම නේද ?