රොමියන්මාරයේ ඇති වී තිබෙන ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් රෝහින්ග්යා ජාතිකයන් 90,000කට වැඩි පිරිසක් බංග්ලාදේශයට පැන ගොස් ඇතැයි වාර්තා සඳහන් කරයි.
දින 10ක් ඇතුළත් රෝහින්ග්යා සරණාගතයන් 87,000ක් බංග්ල්දේශයට පැමිණ ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධාන වාර්තාව පෙන්වා දෙයි.
අගෝස්තු 25 වැනිදා රෝහින්ග්යා කැරැලිකරුවන් පොලිස් මුරපොළවලට සහ හමුදා කඳවුරකට එල්ල කළ ප්‍රහාරයක් සමඟ නව ගැටුම් ඇති වූ අතර මෙතෙක් පැවැති ගැටුම්වලින් 400කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
සිවිල් වැසියන් ඝාතනයට ලක්වීම සහ නිවාසවලට ගිනි තැබීම්වලට වගකිව යුත්තේ රෝහින්ග්යා සටන්කාමීන් යැයි මියන්මාර බලධාරීන් චෝදනා කළ ද හමුදාව නිසා ගැටුම් ඇති වූයේ යැයි බංග්ලාදේශයට පැන ගිය රෝහින්ග්යාවරුන් සහ නිරීක්ෂණ සංවිධාන චෝදනා කරයි.
රෝහින්ග්යා මුස්ලිම්වරුන් බංග්ලාදේශයට පැමිණීමත් සමඟ සහන සේවා සපයන සංවිධාන සහ බංග්ලාදේශ ජනතාවද විශාල අර්බුදයකට මුහුණ දී සිටිති. මීට පෙර පැමිණි දහස් ගණනක් නිසා සහන ආයතනවලට සහ විවිධ ප්‍රජාවලට පැමිණෙන සරණාගතයන්ට සහන සැපයීම දුෂ්කර වී තිබේ.
බෞද්ධයන් බහුතරයක් ජීවත්වන මියන්මාරයේ ආසන්න වශයෙන් රෝහින්ගියාවරු මිලියන 1.1ක් පමණ ජීවත්වෙති. එරට නායිකාව වශයෙන් කටයුතු කරන අවුන් සාන් සූකි මුහුණ දී තිබෙන ප්‍රධානතම අභියෝගය වනුයේ ද මෙම රෝහින්ග්යාවරුන්ගේ අර්බුයයි. එරට සුළුතර ජනකොටසක් ලෙසින් සැලකෙන රෝහින්ග්යාවරුන් වෙනුවෙන් කතා නොකිරීම සම්බන්ධයෙන් ඇය බටහිර රටවල විවේචනයට ලක්ව තිබේ.
පසුගිය ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා කාලයේදී රෝහින්ග්යාවරුන් 150,000කට වැඩි පිරිසක් බංග්ලාදේශයේ සරණාගතභාවය ඉල්ලා ඇතැයි එක්සත් ජාතීන්ගේ සහ සහන සේවකයන්ගේ ගණනය කිරීම් මත පදනම් වූ නවතම ඇස්තමේන්තුවල සඳහන් වේ.
ඒ.එෆ්.පී/රොයිටර් 055




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොරවෙන් කොටන්න කලින් නිය පොත්තෙන් කඩලා දාන්න ඕනි මේවා . අද අනුකම්පාව මතු දවසක බුමිකම්පාව . හොදයි . අපිට නැ නේ සුකී වගේ කෙනෙක් !
කවදා හරි දවසක සිංහලයට දුවන්න වෙයි රට දීලා. සුළු ජාතිය වුණ ගමන්ම සිංහලයට පමණක් නෙමෙයි, හින්දු කතෝලික උදවියට යන්න රටවල් හොයා ගන්න වෙයි. මේ රටවල්වල අය දැන් තේරුම් අරන් ඉන්න නිසා තමයි මෙහෙම ක්‍රියාත්මක වෙන්නේ. මතු උපදින දරුවන්ට රටත්, ජාතියත් රැක දෙනවා.
මේ කුඩා දරුවන් සහ මහලු අය දකින විට කණගාටුවක් ඇතිවේ. එහෙත් මුස්ලිම් අන්තවාදය සෑම බෞද්ධ රටකටම තර්ජනයකි. මෙහි සිංහලයන්ටද මෙය හොඳ පාඩමකි.
මේ මුස්ළිම් මිනිස්සු බෞද්ධ රටවල් විනාශ නොකර ඇයි සෞදි අරාබියට නොයන්නේ?
ඉල්ලන් කනවා කියන්නේ ඕකට තමයි. ගියතැන ඉවරයි. පාඩුවේ ඉන්නේ නැතිව මහා ජාතියට කොකා පෙන්වන්න නේ හදන්නේ...
මේ මිනිසුන් ඒ රටේම ඉපදුනු කොටසක්. මේ රට බෞද්ධ රටක් නේද?