බංගලාදේශ වෙරළට එපිටින් පිහිටි දූපතකට සංක්‍රමණය වීමට රොහින්ග්‍යා සරණාගතයින් කැමැත්ත පළකර ඇති බව එරට බලධාරීහු පවසති.
බෙංගාල බොක්කේ පිහිටි භාෂන් චා නම් දූපතට යෑමට සරණාගතයින් 7000 ක් පමණ කැමැත්ත ප්‍රකාශ කර ඇති බවත් එළඹෙන මාසයේදී ඔවුන් දූපතේ පදිංචි කිරීම ආරම්භ කරන බවත් බලධාරීහු වැඩිදුරටත් පවසති.
කෙසේ වුවද බංගලාදේශ රජයේ ක්‍රියාව විවේචනය කරමින් මානව හිමිකම් සංවිධාන පවසන්නේ එම දූපත ගංවතුර හා සුළිසුළං ඇතුළු ස්වාභාවික විපත්වලට නිරතුරුවම ගොදුරු වන කලාපයක පිහිටා ඇති බවයි. බොහෝ සරණාගතයින් දූපතට යෑම ප්‍රත්ක්ෂේප කර ඇති බවත් මේ හේතුවෙන් නව අර්බුදයක් නිර්මාණය වීමට ඉඩ ඇති බවත් ඔවුන් පවසා ඇත.
මේ වනවිට බංගලාදේශයේ කඳවුරු වල රෝහින්ග්‍යා සරණාගතයින් මිලියනයක් පමණ වෙසෙන බව සඳහන් වේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදෙනේ,, අපේ "පුත්ත්රයාණන්" මේක දැක්කනම් අපේ රටට ගෙනල්ලා සියලු සැප සමගින් පදිංචි කරවගනිවී
ඔය කියන දුපත අනිවාර්යෙන්ම කෙටි කලක් තුල අරාබියක් වෙනවා සත්තයි.