රෝහින්ග්‍යා අර්බුදය තව තවත් උග්‍ර කරමින් කුඩා දරුවන් තනිවම බංග්ලාදේශයට පැමිණෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මියන්මාර රජයේ හමුදා එල්ල කරන ප්‍රහාර හමුවේ රෝහින්ග්‍ය ජාතිකයන් බංග්ලාදේශයට පලා යමින් සිටින අතර ඒ අතර කුඩා දරුවෝ ද වෙති. කුඩා දරුවන් තනි තනිවම බංග්ලාදේශ දේශසීමාවට ඇවිද යන බවත් වාර්තා වේ.
රෝහින්ග්‍යා ජාතිකයන් අතර සිටින සටන්කාමී කණ්ඩායම් අගෝස්තු 25 වැනිදා මියන්මාර රජයේ හමුදාවලට සහ පොලිස් මුරපොළට ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ප්‍රචණ්ඩ ක්‍රියා වැඩි විය.
තනිව බංග්ලාදේශ දේශසීමාව පසු කරන දරුවන් ලිංගික අපයෝජන හා මිනිස් ජාවාරම්වලට ගොදුරු වීමේ අවදානම වැඩි යැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පෙන්වාදෙයි. යුන්සෙෆ් සංවිධානයට අනුව අගෝස්තු 25 වැනිදා සිට ගත වූ කාලයේදී රෝහින්ග්‍යා දරුවන් දහසකට වැඩි පිරිසක් බටහිර මියන්මාරයෙන් පලාවිත් තිබේ. ඔවුන් තනිවම බංග්ලාදේශයට පැමිණි ඇතැයි ද එම සංවිධානය සඳහන් කරයි.
මියන්මාර රජයේ හමුදා සහ බෞද්ධාගමික කණ්ඩායම් ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන බවට රෝහින්ග්‍යාවරු පවසති. එම චෝදනා ප්‍රතික්ෂේප කරන මියන්මාර රජය ප්‍රචණ්ඩ ක්‍රියාවලට වගකිව යුත්තේ සුළු ජාතික ජන කොටසක් වන රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් යැයි ප්‍රකාශ කරයි.
රෝහින්ග්‍ය මුස්ලිම්වරුන්ගේ අර්බුදය සම්බන්ධයෙන් මේ දිනවල පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 36 වැනි සැසිවාරයේදීද වැඩි අවධානයක් යොමු විය. රෝහින්ග්‍යාවරුන්ට එරෙහිව කරන ප්‍රචණ්ඩ ක්‍රියා වාර්ගික සුද්ධයක්ක යැයි සැසිවාරය අමතමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් පැවැසීය.
අගෝස්තු 25 වැනිදා සිට මේ දක්වා ගත වූ කාලයේදී බංග්ලාදේශයට පැමිණ ඇති රෝහින්ග්‍යාවරුන්ගේ සංඛ්‍යාව 370,000 ඉක්මවන බව කියන එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉන් අඩකට වඩා වැඩි පිරිසක් බාල වයස්කරුවන් යැයි ද සඳහන් කරයි.
සැප්තැම්බර් මස මුලදී පමණක් බංග්ලාදේශයට පැමිණ තිබෙන රෝහින්ග්‍යාවරුන්ගේ සංඛ්‍යාව 128,000ක් බවත් එයින් සියයට 60කට වැඩි පිරිසක් දරුවන් බවත එම සංවිධාන වාර්තා පෙන්වාදෙයි. ඒ අතර වයස අවුරුදු එකට දරුවන් 12,000ක සිටින බව ද එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
ඒ.එෆ්.පී 055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම මුස්ලිම් මිනිස්සු උත්සාහ කරන්නේ අසරණ විදියට බෞද්ධ රටවල් වලට ඇතුළු වී හෙමිහිට විප්ලව කර රටවල් අල්ලා ගැනීමයි. යුරෝපය මුස්ලිම් අල්ල ගෙන ඉවරයි. නමුත් පාලකයන් සුව නින්දේ. කවදා හරි රුසියාව, චීනය, ජපානය විතරයි... අනෙක් රටවල් බේර ගන්නේ. මම නම් ඔන් සංග් සුකී ගැන වැරැද්දක් දකින්නේ නැහැ. ඇය දුර දිග දැකලා ගත් තීරණයක්. එය අගයමි.