
රුසියානු හමුදා යුක්‍රේනයට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බවත්, රුසියන් හමුදාව එල්ල කළ එම ඩ්‍රෝන යානා ප්‍රමාණය 550 ක් බවත් මිසයිල ගණන 11 ක් බවත් වාර්තා වේ.
ප්‍රහාරය එල්ල වූයේ රුසියානු - යුක්‍රේන යුද්ධය නැවැත්වීම සඳහා ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර සිදුවූ දුරකථන ඇමතුමින් පැය කිහිපයකට පසුවය.
විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ, රුසියන් යුක්රේන යුද්ධය නැවැත්වීම සඳහා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රුසියානු ජනාධිපතිවරයාගෙන් සිදුකළ ඉල්ලීම රුසියානු ජනාධිපති පුටින් විසින් ප්‍රතික්ෂේප කර ඇති බවය.
එල්ල වූ ප්‍රහාරවලින් යුක්රේන වැසියන්, 23 දෙනකු තුවාල ලබා ඇතැයිද මේ වන විට වාර්තා වී ඇති අතර සිදුවූ මරණ පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැත. ප්‍රහාරයෙන් මහල් නිවාස 40 ක්, මගී දුම්රිය යටිතල පහසුකම් මෙන්ම පාසල් 5 ක් සහ ළදරු පාසල්, මෙන්ම මෝටර් රථ රැසකටද හානි සිදුව ඇතැයි ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd