අස්තානාහිදීය (ඒ.එෆ්.පී)
බ්‍රිතාන්‍යයේ සිටින රුසියානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 23 දෙනා පිහිටුවල් කිරීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස රුසියාවේ සිටින බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් පිටුවහල් කිරීමට කටයුතු කරන බව රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් අද (16) ප්‍රකාශ කළේය.
බ්‍රිතාන්‍ය රජයේ ආරක්ෂාව යටතේ එරට වාසය කළ රුසියානු කේ.ජී.බීහි හිටපු ඔත්තු සේවා සපයන්නකු වන සර්ගේ ස්ක්‍රිපාල් ඝාතනය කිරීමට ගත් උත්සහාය පිටුපස රුසියාව සිටින බවට චෝදනා කරමින් බ්‍රිතාන්‍යයේ සිටින රුසියානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් එරටින් පිටුවහල් කරන බව අගමැතිනි තෙරේසේ මේ ප්‍රකාශ කිරීමත් සමඟ රුසියානු විදේශ අමාත්‍යවරයා ඉහත තීරණය ප්‍රකාශ කළේය.
සර්ගේ ස්ක්‍රිපාල් රුසියාවට පමණක් නොව බ්‍රිතාන්‍යයට ද ඔත්තු සේවා සැපයූවකු බව පැවසේ.
බ්‍රිතාන්‍යය ගත් ක්‍රියාමාර්ගයට ප්‍රතිචාර දක්වන්නේදැයි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු සර්ගේ ලැව්රෝව් එම කරුණු කීය.
“ඔව් ඇත්ත වශයෙන්ම අපි ප්‍රතිචාර දක්වනවා” යැයි සර්ගේ ලැව්රෝව් පැවැසීය.
සිරියානු සිවිල් යුද්ධය සම්බන්ධයෙන් කසක්ස්තානයේ අස්තානා අගනුවර පැවැත්වෙන සාකච්ඡාවලට සහභාගී වන අතරවාරයේදී රුසියානු අමාත්‍යවරයා මෙම කරුණු කීවේය. බ්‍රිතාන්‍යයේ ක්‍රියාමාර්ගයට ප්‍රතිචාර දක්වමින් අපි කඩිනමින් රුසියාවේ සිටින බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් පිටුවහල් කරනවා යැයි හෙතෙම කීවේය.
ස්ක්‍රිපාල් ඉලක්කර කරගැනීමට අපට කිසිදු අවශ්‍යතාවක් නැතැයි ද රුසියානු විදේශ අමාත්‍යවරයා පැවැසීය.
ස්ක්‍රිපාල්ට එල්ල වූ ප්‍රහාරය විවේචනය කරමින් බ්‍රිතාන්‍ය, ප්‍රංශ, ජර්මානු සහ ඇමෙරිකා එක්සත් ජනපද නායකයෝ බ්‍රහස්පතින්දා (15) ඒකාබද්ධ නිවේදනයක් ද නිකුත් කළහ.
055
2025 නොවැම්බර් මස 04
739
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2397
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රුසියාවෙන් බ්‍රිතාන්‍යයට පිළිතුරක්
victor Saturday, 17 March 2018 05:43 PM
මාර්තු 18 රුසියාවේ ඡන්දෙ. ජනාධිපති තෝරාගන්න .මේ වැඩ පුටින්ට විරුද්දව කරන දේවල්. පුටින් මාර්තු 19 වෙනිදා රුසියාවේ අලුත් ජනාදිපති . මහා යයි කියා ගන්න බ්‍රිතාන්‍ය නිකන් තෙල් පුච්ච ගන්නවා