තුර්කියට එරෙහිව රුසියාව ආර්ථික සම්බාධක පනවා ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි. පසුගිය අඟහරුවාදා සිරියා දේශසීමාවේ දි රුසියා ප්‍රහාරක ජෙට් යානයක් තුර්කිය විසින් විනාශ කිරීම මෙයට හේතුව බව දේශපාලන විචාරකයන්ගේ මතයයි.
රුසියා ජනාධිපති ව්ලැඩ්මිර් පුටින් විසින් නිකුත් කර ඇති මෙම නිවේදනයෙන් තුර්කියෙන් ආනයනය කරන භාණ්ඩ සම්බන්ධව තහනමක් පනවා ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ රුසියාවේ ඇති තුර්කි ව්‍යාපාර, රුසියාවේ සේවය කරන තුර්කි ජාතිකයන් පවා මෙයින් අර්බුදයකට මුහුණ දෙන බවයි.
මේ රටවල් දෙක අතර ඇති ගුවන් ගමන් ද අවලංගු වනු ඇත. තුර්කි ජනාධිපති රෙකැප් ටැයිප් අර්ඩොගාන් රුසියාවෙන් සමාව ඇයදීමට සූදානම් නැත.
රුසියාව සහ තුර්කිය අතර ඉතා වැදගත් ආර්ථික සබඳතා පවතී. තුර්කියේ දෙවැනි විශාලතම ව්‍යාපාරික හවුල්කරුවා වන්නේ ද රුසියාවයි. පසුගිය වසරක කාලයේ දි ලක්ෂ 30ට වැඩි රුසියන් සංචාරකයෝ තුර්කියේ සංචාරය කළහ.
ජනාධිපති පුටින් පවසන්නේ තුර්කි ජාතිකයන් 90,000ක් පමණ රුසියාවේ සේවය කරන බවයි. ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකයන් ද සමග තුර්කි වැසියන් ලක්ෂ දෙකක් පමණ රුසියාවේ වාසය කරති.
පසුගිය සිකුරාදා සිට රුසියාව විසින් තුර්කි ජාතිකයන්ට සිය රට පැමිණිමේ නිදහස් වීසා වැඩසටහන ද අවලංගු කරන ලදී.
2025 නොවැම්බර් මස 04
512
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2249
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1682
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රුසියාවෙන් තුර්කියට සම්බාධක
ධම්මි Sunday, 29 November 2015 01:13 PM
නියමයි ජනාධිපති පුටින්ට ජයවේවා (බ)