රුසියානු ආරක්ෂක නෞකාවක් ඉයුජින් මුහුදේදී තුර්කි ධීවර යාත්‍රාවකට අනතුරු ඇඟවීමේ වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතිබව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි. රුසියානු ආරක්ෂක අංශ පවසා ඇත්තේ තුර්කි යාත්‍රාව තම නෞකාවේ ගැටීම වලක්වාගැනීම සඳහා මෙම වෙඩි ප්‍රහාරය එල්ල කිරීමට සිදුවූ බවයි.
වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ රුසියානු ආරක්ෂක නෞකාව ග්‍රීසියට අයත් ලිම්නොස් දූපත ආසන්නයේ නැංගුරම් ලා තිබිණි. වෙඩි තැබීමට පෙර තුර්කි යාත්‍රාව අනතුරු ඇඟවීම් සංඥා වලට ප්‍රතිචාර නොදැක්වූ බවත් තම නෞකාවට මීටර 500ක් තරම් ආසන්නයට පැමිණි පසු යාත්‍රාවට වෙඩි තැබීමට සිදුවූ බවත් රුසියාව ප්‍රකාශ කරයි.
රුසියාව හා තුර්කිය අතර ගැටුම්කාරී තත්වයන් උණුසුම් වූයේ රුසියානු ප්‍රහාරක යානාවක් තුර්කිය විසින් පසුගියදා වෙඩිතබා බිම හෙලීමෙන් අනතුරුවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවායේ අවසානයක් දකින්නේ කවදාද? (නි)
බලාගෙනයි මරාගෙන මැරෙන අයද දන්නේ නැ (ම)