
රුසියාව දෙසින් ආ ඔත්තු බලන බැලූන 6 ක් යුක්රේනයේ කීව් අගනුවරට ඉහළින් අහසේ සැරිසරන්න වූ බවත්, ඒවායින් බොහොමයක් පහර දී විනාශ කළ බවත් යුක්රේන හමුදාව පවසයි.
බැලූන රුසියාව විසින් එවනු ලැබූ ඔත්තු නිරීක්ෂණ බැලූන යැයි යුක්රේන හමුදාව චෝදනා කළත්, රුසියාව තවමත් ඒ සම්බන්ධයෙන් කිසිවක් පවසා නැත. නියමුවන් රහිත ඩ්‍රෝන යානා වෙනුවට රේඩාර්වලට වසං වී ඔත්තු බැලීම සඳහා රුසියාව මෙම බැලූන යෝදා ගන්නා බවට ද යුක්රේනය චෝදනා කර තිබේ.
පසුගිය දින ගණනාව පුරා ඔත්තු බැලන බැලූන, ලොව කාගේත් අවධානයට ලක් විය. පළමුවෙන් ඔත්තු බලන බැලූන ගැන ලොවට අනාවරණය කළේ ඇමෙරිකාවය.
ඔත්තු නිරීක්ෂණ බැලූන සැරිසරන්නේ අඩි 80,000 කට වඩා ඉහළ උඩු ගුවනේය. සාමාන්‍ය මගී යානා පියාසර කරන්නේ අඩි 40,000 සීමාවේය. ප්‍රහාරක ජෙට් යානා පියාසර කරන්නේ අඩි 65,000 සීමාවේ.
ඔත්තු බැලීම් සඳහා යොදා ගන්නා බැලූනවලට හීලියම් වායුව පුරවා ඇති අතර, සූර්ය පැනලවලින් ඒවාට අවශ්‍ය බලය සැපැයීම සිදුවෙයි. අති ප්‍රබල කැමරා, රේඩාර්, සන්වේදක සහ සන්නිවේදන උපාංග සූර්ය පැනලය හා සම්බන්ධ කෙරේ. ඔත්තු බැලීම් සිදුවන්නේ ඒවායේ ආධාරයෙනි.
ඇමෙරිකන් ගුවන් සීමාවට පසුගිය ජනවාරි 28 වැනිදා චීනය දෙසින් ආ බැලූනයක් ඇතුළු විය. එම බැලූනය ගැන විමසිල්ලෙන් පසුවුනු ඇමෙරිකන් ආරක්ෂක අංශ දින කීපයකට පසු එය පහර දී විනාශ කළේය. ඒ, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ගේ අණ පරිදිය.
එම බැලූනය තමන්ට අයත් බව චීනය පිළිගත්තේය. චීනය පැහැදිලි කළේ බැලූනය හමුදා ඔත්තු බලන බැලූනයක් නොව, කාලගුණ විද්‍යා බැලූනයක් බවය.
ඉන්පසු තවත් බැලූන පමණක් නොව, වෙනත් හඳුනා නොගත් ආකාශ වස්තූන් කීපයක් ද ඇමෙරිකාව, කැනඩාව සහ ඇලෙස්කාවට ඉහළින් ගුවනේ පාවෙමින් තිබී විනාශ කළ බව ද වාර්තා විය. ඒ කිසිවක් තමන්ට අයත් ඒවා නොවන බව චීනය තරයේ පවසා තිබුණි. බැලූන සම්බන්ධ සිදුවීම මුල්කොට ගනිමින් ඇමෙරිකාවත් චීනයත් අතර අර්බුදයක් ද නිර්මාණය වී ඇත.
(රොයිටර්)
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රුසියාවෙන් ඔත්තු බලන බැලූන ඇවිල්ලා