සිරියාව වෙත රුසියාවෙන් එල්ල කළ ගුවන් ප්‍ර‍හාර වලින් සිරියාවේ සාමාන්‍ය වැසියන් සිය ගණනකගේ ජීවිත අහිමි වී ඇති අතර  මිනිසුන් පදිංචි ප්‍රදේශ විශාල වශයෙන් විනාශයට පත්ව ඇතැයි පසුගිය බදාදා නිකුත් කළ වාර්ථාවකින් ඇමිනෙස්ටි ජාත්‍යන්තර සංවිධානය පවසයි.

මේ ප්‍ර‍හාර දියත් කළ ආකාරය ජාත්‍යන්තර යුධ නිති උල්ලංඝනය කිරීමක් බවට මානව හිමිකම් සංවිධාන ද චෝදනා කරයි. රුසියාව පසුගිය සැප්තැම්බරයේ සිට මේ ප්‍ර‍හාර එල්ල කරන ලද්දේ සිරියාවේ ජනාධිපති බසා අල් අසාද් මහතාට සහයෝගය දක්වමිනි.

රුසියාව ප්‍ර‍කාශ කරන්නේ ඔවුන් ත්‍ර‍ස්තවාදී ඉලක්කවලට පමනක් ප්‍ර‍හාර එල්ල කරන ලද බවයි. රුසියාව අයිඑස්අයිඑස් ත්‍රස්ත කණ්ඩායම් ඉලක්ක කර නොගෙන රුසියානු විරුද්ධවාදී කණ්ඩායම් ඉලක්ක කරගත් බව ඇමෙරිකාව චෝදනා කරයි.