
ඇමෙරිකාව ඇතුළුව බටහිර රටවලින් අති ප්‍රබල දිගු දුර සහ කෙටි දුර මිසයිල තම හමුදාවට ලැබී ඇති නමුත්, තමන් රුසියාවට පහර දීමට යොදා ගන්නේ, 'ටමහෝක්' වර්ගයේ මිසයිල පමණක් යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
යුක්රේන ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ, ඇමෙරිකාවේ ෆොක්ස් නිවුස් නාළිකාව සමග අදහස් දක්වමිනි. යුක්රේන හමුදාවට, ඇමෙරිකාව මිසයිල ලබා දීම සම්බන්ධයෙන් රුසියාව සිය කනස්සල්ල පළ කිරීමත් සමග යුක්රේන ජනාධිපතිවරයා මේ බව පවසා ඇත.
මේ අතර, ඊශ්‍රායල ගාසා යුද්ධය අවසන් කිරීමට මැදිහත් වූ අයුරින්, රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ද ට්‍රම්ප්ට හැකි වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී, ෆොක්ස් නාළිකාව හරහා පෙන්වා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd