
ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, යුක්රේන හමුදා රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. යුක්රේන හමුදා දිගු දුර මිසයිල භාවිතා කරමින් රුසියාවේ ඉලක්කවලට පහර දෙන පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි.
රුසියන් ප්‍රහාරවලින් ආරක්ෂා වීමට තමන් ලබා දුන් දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, රුසියාව අභ්‍යන්තරයේ ඉලක්ක වෙත පහර දෙන්නැයි යුක්රේනයට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අවසර ලබා දුන්නේ මීට දින දෙකකට පෙරය.
රුසියාව චෝදනා කරන්නේ, යුක්රේන හමුදා ඇමෙරිකා ජනාධිපති ලබා දුන් එම අවසරය පරිදි, ප්‍රහාර එල්ල කරන බවය. රුසියන් යුක්රේන යුද්ධය තව තවත් උත්සන්න කිරීමට ඇමෙරිකාව උත්සාහ ගන්නා බවට රුසියන් විදේශ ඇමැති සර්ගේ ලැව්රෝෆ්, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ ඔහුගේ පරිපාලනය දොස් නගා ඇත.
යුක්රේන හමුදා දිගු දුර මිසයිල භාවිතයට ගනිමින් පහර දුන්නේ රුසියාවේ බ්‍රයියැන්ස් පළාතේ රුසියන් හමුදා කඳවුරකටය. යුක්රේනය දෙසින් ආ දිගු දුර මිසයිල කීපයක් ප්‍රති මිසයිල යවා ගුවනේ දී විනාශ කිරීමට රුසියන් හමුදාව සමත් වූ බව ද පැවැසෙයි.
එක් මිසයිලයක් පමණක් හමුදා කඳවුරට එල්ල වී කඳවුරට හානි සිදුවී ඇත. මිසයිල ප්‍රහාරයෙන් හමුදා කඳවුරේ ගිනිනක් ද හට ගත් බව පැවැසෙයි.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රුසියාවට දිගු දුර මිසයිල ප්‍රහාරයක්
Rohana Wednesday, 20 November 2024 07:44 PM
යනයකා කොරහත් බිඳගෙන යනවා වගේ යන්න ඉන්න බයිඩන් රුසියාව සමග දැඩි වයිරයකින් දිගුදුර මිසයිල්වලින් යුක්රේනය ලවා පහර දෙනවා. බයිඩන්ගේ මරණ මංචකයේදි මේවා විඳවන්න වෙයි...