
රුසියාවට කාලතුවක්කු උණ්ඩ ලබා දුන් බවට ඇමෙරිකාව එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව උතුරු කොරියා නායක කිම් ජොංග් උන් පවසයි.
ඇමෙරිකාව චෝදනා කර ඇත්තේ, යුක්රේනයට පහර දීම සඳහා රුසියන් හමුදාවට, උතුරු කොරියාව කාලතුවක්කු උණ්ඩ සපයා ඇති බවය. ඇමෙරිකාව එල්ල කරන චෝදනා පදනම් විරහිත බව උතුරු කොරියා නායක කිම් ජොන් උන් පෙන්වා දී තිබේ.
රුසියන් යුක්රේන අර්බුදයේ දී, උතුරු කොරියාවේ සහාය හිමිවන්නේ රුසියාවටය. ඇමෙරිකාව චෝදනා නගා ඇත්තේ යුක්රේන සිවිල් වැසියන් ඉලකක් කර ගනිමින් පහර දීමට රුසියන් හමුදාවට අවි ආයුධ ලබා දෙන්නේ ඉරානය සහ උතුරු කොරියාව බවය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහනවකෝ ඇමරිකාවට යුක්රේනයට යුද්ද ආදාර, මිසයිල දෙන්න හොඳ නම් අපේ මිත්‍ර රටක් වෙන රුසියාවට කාලතුවක්කු නොවෙයි පරමාණු බෝම්ම දුන්නත් මොකෝ කියලා. රුසියාවට අපේ යුද්ධ ආධාර ඕනේ නැහැ .ඒක වෙනම කතාවක්. මොකෝ පුටින් මචෝ?