යුක්රේනයෙන් වෙන් වී වසර 8 කට පසුව තමන් රුසියාව සමග එකතු වීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් ඒ සඳහා ඉදිරියේදී ජනමත විචාරණයක් ඉක්මණින් පැවැත්වීමට බලාපොරොත්තු වන බවත් ලුහාන්ස්ක් ජනරජ සමුහාණ්ඩුවේ නායක ලියනොයිඩ් පසෙච්නික් පවසයි.
ලුහාන්ස්ක් සහ ඩොනෙට්ස්ක් 2014 වසරේදී කැරැල්ලකින් යුක්රේනයෙන් වෙන් වූ අතර වසර 8 කට පසුව රුසියාව සමග එකතු වීමේ බලාපොරොත්තුවෙන් සිටී.
ලුහාන්ස්ක් සහ ඩොනෙට්ස්ක් ජනරජ සමුහාණ්ඩු දෙකම තම නිදහස ප්‍රකාශ කිරීමට ප්‍රථම ජනමත විචාරණයක් පැවැත්වූ අතර ඉදිරියේදී රුසියානු භූමියක් වීම සඳහා තම ජනතාවගේ මතය දැන ගැනීම සඳහා සුදානම් වී සිටියි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුසියානු ජනපති සමග මමත් එකඟයි. නියම වැඩක්. ඔහු නිතරම රුසියානුවන් ගැන හිතනවා.
අන්තිම භයානකයි. උතුරු පළාතේ ඡන්දයක් තියලා ඉන්දියාවට එකතු කරගනියි...!