රැසියාවට සම්බන්ධිත ප්‍රවර්ධන පිටු සිය ගණනක් සහ ගිණුම් ගණනාවක් ඉවත් කිරීමට ෆේස්බුක් ආයතනය තීරණය කර ඇත.

එක්සත් ජනපදයෙන් පිටත සිටින පරිශීලකයන් ඉලක්ක කරගත් ව්‍යාජ තොරතුරු ප්‍රචාරය වීම් මැඩලීමේ මෙහෙයුම් ද්විත්වයක ව්‍යාපෘතියේ එක් පියවරක් ලෙස මෙය ක්‍රියාත්මක කළේය.

නේටෝ විරෝධී හැඟීම් සහ විරෝධතා ව්‍යාපාරද මෙම ගිණුම් ඔස්සේ ප්‍රකාශයට පත්වී ඇත.  

ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාල සම්බන්ධ කරගනිමින් ව්‍යාජ තොරතුරු ප්‍රචාරයට එරෙහිව මෑත කාලයේ ගනු ලැබූ දැවැන්තම මෙහෙයුම මෙය බව ෆේස්බුක් ආයතනය පැවසුවේය.

එහිදී රැසියාවේ ස්පුට්නික් ප්‍රවෘත්ති සමාගමේ සේවකයන්ට සම්බන්ධ පිටු 364 ක් සහ ඊට සම්බන්ධ ගිණුම් ද ඉවත් කර ඇති අතර ෆේස්බුක් ආයතනයේ මෙම තීරණය ස්පුට්නික් ආයතනයේ විවේචනයට ලක්ව ඇත.

(63226)