
රුසියාව සමඟ ඇයිහොඳයිකම් නැවැත්වීමට සිදුවනු ඇතැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි මෙසේ පැවැසුවේ, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, යුක්රේනයේ රුසියන් හිතවාදී බෙදුම්වාදීන්ගේ පාලනය යටතේ පවතින ඩොනෙක්ස්ක් සහ ලුහාන්ස්ක් යන පළාත් ස්වාධීන රාජ්‍ය ලෙස පිළිගැනීමට කටයුතු කිරීමත් සමඟය.
රුසියාව සහ ජර්මනිය අතරේ ස්වභාවික වායු ප්‍රවාහන නළ පද්ධතිය 'නෝඩ් ස්ට්‍රීම් 2' වහාම නවත්වා දැමීම කළ යුතු යැයි ද යුක්රේන ජනාධිපතිවරයා ජර්මනිය ඇතුළු යුරෝපා රටවලින් ඉල්ලීමක් ද කළේය.
රුසියන් ජනාධිපති පුටින් ගත් තීරණය සම්බන්ධයෙන්, රුසියාවට එරෙහිව කඩිනමින් ආර්ථික සම්බාධක පැනැවීමක් කළ යුුතු යැයි ද යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි බටහිර රටවලින් ඉල්ලා සිටියේය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd