රුසියාවේ විපක්ෂ ක්‍රියාකාරී ඇලෙක්සෙයි නවාල්නි නිදහස් කරන්නැයි ඉල්ලමින් මොස්කව් ඇතුළු රටපුරා නගරවල පැවැති විරෝධතාවලට 3,000 කට වඩා වැඩි පිරිසක් අත්අඩංගුවට පත්ව ඇත.
විස ශරීර ගත වීමේ මාස ගණනාවක් ජර්මනියේ නැවැතී ප්‍රතිකාර ලැබූ ඇලෙක්සෙයි නවාල්නි ඉකුත් දා නැවත රුසියාවට පැමිණියේ ය.
එම අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට පත්විය.
නවාල්නිට විස ලබාදීම සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඇතුළු එරට ආණ්ඩුවට චෝදනා එල්ල විය. රුසියානු ආණ්ඩුව එම චෝදනා ප්‍රතික්ෂේප කළේය.
නවාල්නි රුසියානු ජනාධිපති සහ ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කරන්නෙකි.
ඔහු නිදහස් කරන්නැයි ඉල්ලමින් පැවැති විරෝධතාවල දී 1,009 දෙනකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇතැයි ‘ඕ.වී.ඩී.-ඉන්ෆෝ’ නිරීක්ෂණ සංවිධානය සඳහන් කළේය.
මොස්කව් නුවරදී පමණක් අත්අඩංගුවට පත්ව ඇති ගණන 142කි.
ඒ.එෆ්.පී.
055
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
රුසියාවේ විරෝධතාවලදී දහසකට වැඩි පිරිසක් අත්අඩංගුවට