
රුසියාවේ ප්‍රමුඛතම විපක්ෂ ක්‍රියාකාරිකයා ලෙස සැලකෙන ඇලෙක්සෙයි නවාල්නිට වසර දෙකහාමාරක සිර දඬුවමක් නියම වී ඇතැයි වාර්තා වේ.
නවාල්නිට මීට පෙර වසර තුනහාමාරක අත්හිටවූ සිර දඬුවමක් නියම වී තිබූ අතර ඊට අදාළ කොන්දේසි කඩ කළ බවට ඔහුට චෝදනා එල්ල විය.
ඒ අනුව පසුගිය මාසයේදී නැවත රුසියාවට පැමිණි නවාල්නි පොලිස් අත්අඩංගුවට පත් විය.
විස ශරීර ගත වීම හේතුවෙන් මාස පහකට ආසන්න කාලයක් හෙතෙම ජර්මනියේ නැවැතී ප්‍රතිකාර ලබාගත්තේ ය.
නවාල්නිට සිර දඬුවම් නියම වීමත් සමඟ ඊට විරුද්ධව විරෝධතාවල නියැළෙන්නැයි නවාල්නිගේ කණ්ඩායම ඔවුන්ගේ ආධාරකරුවන්ගෙන් ඉල්ලීමක් කළේය.
ඒ.එෆ්.පී.
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd