IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


රුසියාවේ නැගෙනහිර වෙරළට ප්‍රබල භූමිකම්පාවක්

රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයට රික්ටර් මාපකාංක 7.7 ප්‍රභලත්වයෙන් යුතු භූමිකම්පාවක් බලපා ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කරයි. 

භූ කම්පනය ඇති වූ විගස ශාන්තිකර කලාපයේ කොටස්වලට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ද බලධාරීහූ කටයුතු කළහ. කෙසේ නමුත් ඊට ස්වල්ප වේලාවකට පසු අනතුරු ඇඟවීම් ඉවත් කිරීමට ශාන්තිකර කලාපීය සුනාමි අනතුර ඇඟවීම් මධ්‍යස්ථානය කටයතු කළේය.

එමෙන්ම හවායි වෙත තර්ජනයක් නොමැති බවත් ශාන්තිකාර කලාපයට විනාශකාරී සුනාමි රළ ඇති නොවන බව ද එම මධ්‍යස්ථානය නිවේදනය කළේය.භූමිකම්පාව ඇති වූ ප්‍රදේශය ආසන්නයේ පිහිටි වෙරළතීරවලට ඉදිරි පැය කිහිපයේදී සුළු රළ වැඩිවීමක් සිදුවිය හැකි බව ද එම මධ්‍යස්ථානය නිවේදනය කළේය. 

මුහුදු රළ අඩියක උසට වඩා වැඩි නොවන බව ද රුසියාවේ සිට හවායි දක්වා වෙරළ තීරවලට එම රළ බලපා හැකි බව ද එම මධ්‍යස්ථානය තවදුරටත් සඳහන් කළේය. ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව භූමිකම්පාව හටගෙන ඇත්තේ රුසියාවේ නිකෝල්ස්කී නැගෙනහිර, ගිනිකොන දෙසට කිලෝමීටර 199ක් දුරින් වන අතර එහි අපකේන්ද්‍රයේ ගැඹුර කිලෝමීටර් 11.7ක් යැයි ද පැවසේ. 

ඒ.එෆ්.පී 055



අදහස් (0)

රුසියාවේ නැගෙනහිර වෙරළට ප්‍රබල භූමිකම්පාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 686 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2352 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1731 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site