රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයට රික්ටර් මාපකාංක 7.7 ප්‍රභලත්වයෙන් යුතු භූමිකම්පාවක් බලපා ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කරයි. 

භූ කම්පනය ඇති වූ විගස ශාන්තිකර කලාපයේ කොටස්වලට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ද බලධාරීහූ කටයුතු කළහ. කෙසේ නමුත් ඊට ස්වල්ප වේලාවකට පසු අනතුරු ඇඟවීම් ඉවත් කිරීමට ශාන්තිකර කලාපීය සුනාමි අනතුර ඇඟවීම් මධ්‍යස්ථානය කටයතු කළේය.

එමෙන්ම හවායි වෙත තර්ජනයක් නොමැති බවත් ශාන්තිකාර කලාපයට විනාශකාරී සුනාමි රළ ඇති නොවන බව ද එම මධ්‍යස්ථානය නිවේදනය කළේය.භූමිකම්පාව ඇති වූ ප්‍රදේශය ආසන්නයේ පිහිටි වෙරළතීරවලට ඉදිරි පැය කිහිපයේදී සුළු රළ වැඩිවීමක් සිදුවිය හැකි බව ද එම මධ්‍යස්ථානය නිවේදනය කළේය. 

මුහුදු රළ අඩියක උසට වඩා වැඩි නොවන බව ද රුසියාවේ සිට හවායි දක්වා වෙරළ තීරවලට එම රළ බලපා හැකි බව ද එම මධ්‍යස්ථානය තවදුරටත් සඳහන් කළේය. ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව භූමිකම්පාව හටගෙන ඇත්තේ රුසියාවේ නිකෝල්ස්කී නැගෙනහිර, ගිනිකොන දෙසට කිලෝමීටර 199ක් දුරින් වන අතර එහි අපකේන්ද්‍රයේ ගැඹුර කිලෝමීටර් 11.7ක් යැයි ද පැවසේ. 

ඒ.එෆ්.පී 055