
‘කොවිඩ්-19’ දෙවැනි වයිරසයට එරෙහිව සාර්ථකව දෙවැනි එන්නත ද අත්හදා බැලූ බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අද (14) ප්‍රකාශ කළේය.
රුසියාව පසුගිය අගෝස්තු මාසයේදී ද නව කොරෝනා වයිරසයට එරෙහිව සාර්ථකව එන්නතක් අත්හදා බැලූ බව නිවේදනය කළේය.
ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන ‘කොවිඩ්-19’ වයිරසය පාලනය කළ හැකි එන්නතකට නියාමන මට අවසරයක් දුන් පළමු රට වන්නේ ද රුසියාවයි.
කැබිනට් අමාත්‍යවරුන් සමඟ විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති සාකච්ඡාවකදී රුසියානු ජනාධිපතිවරයා මේ බව නිවේදනය කළේය.
රුසියාවේ මෙම එන්නත්වල සාර්ථකත්වය සම්බන්ධයෙන් ඇතැම් විද්‍යාඥයන්ගේ විමසිල්ල ද යොමු වී තිබේ.
ඒ.එෆ්.පී.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක බලපුවාම පළවැනි එන්නත වැඩකරපු හැටි පේනවා.
රුසියාවේ පළමු එන්නත ලංකාවට නොමිලේ දෙන්න නේද යෝජනා කලේ? අපි බ්‍රොයිලස් කුකුල්ලු පිළිබද දැනගෙන හිටියට රුසියානුවන් දන්නවා බ්‍රොයිලස් ජාතියක් ලෝකයේ ජීවත් වෙන බව. මොලය නැති ජාතිය රටේ පාලකයෝ මසට හදන ඒ ජාතිය, ඔය වගේ ටෙස්ට් එකක් කරන්න ඕනෑවටත් වඩා සුදුසුකම් තියනවා. එක අතකට හදිස්සි වෙලා කනගාටු වෙන්න දෙයක් නැහැ. ඇති ගරු, චීන ජනාධිපති තුමා ඒ කාර්යය හෙට අනිද්දාම යස අගේට කරාවි?
කොච්චර හැදුවත් රුසියාවේ කොරෝනා හැදෙන ගණන සහ මැරෙන ගණන දවසින් දවස ඉහල යන්නේ මොකද?
රුසියාව, චීන, හදන බෙහෙත් බටහිර රටවල් ගන්නේ නැහැ. ඒ කියන්නේ මුළු ලෝකේ කිසිම රටක් පාවිච්චි කරන්නේ නැහැ.