
රුසියාවේ උතුරුදිග කෙළවරේ මගී දුම්රියක් පීලි පැනීමෙන් එහි ගමන් කරමින් සිටි 20 දෙනෙක් තුවාල ලැබූහ.
දුම්රිය වොර්කුටා නගරයේ සිට උතුරු ආක්ටික් කලාපයේ කළු මුහුද අසල පිහිටි නොවරොසීස් නගරයට යෑමට නියමිතව තිබුණි. දුම්රිය පීල පැන්නේ කෝමී ජනරජයේ කුඩා නගරයක් අසලදීය.
අනතුර සිදුවෙද්දී දුම්රියේ 215 දෙනකු සිට ඇති බවත්, තුවාල ලැබූවන්ගෙන් තිදෙනකුගේ තත්ත්වය බරපතල බවත් වාර්තා වේ.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd