
යුක්රේනයට එරෙහිව ගනු ලැබූ හමුදා ක්‍රියා මාර්ගය හේතුවෙන් රුසියාව දිගින් දිගටම ජපානයේ අප්‍රසාදයට පත් වී ඇති බවත්, ජපානය රුසියාවට තවත් සම්බාධක පැනැවීමක් සිදු කර ඇති බවත් බටහිර මාධ්‍ය පවසයි.
ජපානය සහ රුසියාව අතර පැවැති මිත්‍රත්වය සුවිශේෂී එකක් විය. ජපානය රුසියාව හඳුන්වා දී තිබුණේ ඔවුන්ගේ ‘ප්‍රියතම රාජ්‍යය’ යන නමිනි. කෙසේ නමුත් මේ වනවිට එය අහෝසි කිරීමට ජපාන රජය පියවර ගෙන ඇතැයි ද පැවැසෙයි.
ජපානය රුසියාවට පනවා ඇති සම්බාධක හේතුවෙන් රුසියාවට ඉලෙක්ට්‍රොනික උපාංග ආනයනයක් සිදු නොවේ. පරිගණක පරිපත, පරිගණක ‘චිප’ ආදිය ද රුසියාවට අහිමි වී ඇතැයි ජපානයේ එන්.එච්.කේ. පුවත් පෙන්වා දී තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd