
රුසියාවේ විශාලතම තෙල් සමාගම් වන රොස්නෙෆ්ට් සහ ලුකොයිල් ඉලක්ක කර ගනිමින් නව සම්බාධක පැනැවීමට ඇමෙරිකා එක්සත් ජනපදය පියවරගෙන ඇත. ඒ, රුසියන් යුක්රේන යුද්ධය නවත්වා සටන් විරාමයකට සහ සාම වැඩපිළිවෙළකට යන්නැයි රුසියාවට බල කරමිණි.
“තවත් බලන් ඉන්න බැහැ. රුසියාව යුක්රේනයට දිගින් දිගටම පහර දෙනවා. සාමය ගැන බලාපොරොත්තු දිගින් දිගටම සුන්වෙනවා. ඒ නිසා මට සිද්ධ වෙනවා රුසියාවේ ලොකුම තෙල් සමාගම් දෙකට තව තවත් සම්බාධක පනවන්න” යැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැහැදිලි කළේය.
ට්‍රම්ප් මෙසේ පැහැදිලි කළේ නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ මහ ලේකම් මාර්ක් රූට් හමුවී සාකච්ඡා කිරීමෙන් පසුවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd