රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීම නවත්වන ලෙසත් යුක්‍රේන - රුසියා යුද්ධය අවසන් කිරීම සඳහා රුසියාවට බලපෑම් කරන ලෙසත් ඉල්ලා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නේටෝ රටවලින් ඉල්ලීමක් කර ඇත.

විදෙස් වාර්තා පෙන්වා දුන්නේ සියලු‍ම නේටෝ රටවල් එක්ව රුසියාවට සම්බාධක පැනවිය යුතු බවට ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බවය. එමෙන්ම ඉදිරියේ දී රුසියානු යුක්රේන අර්බුදය අවසන් කිරීම සඳහා තවදුරටත් බලපෑම් එල්ල කරන බවද ට්‍රම්ප් පැහැදිලි කර ඇත.