IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


රුසියාව ණය පැහැර හැරිය රටක් වෙයි

රුසියාව මැයි 27 වැනිදා කල් පිරුනු  ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 100 ක බැඳුම්කර දෙකක් සඳහා ලබා දුන් සහන කාලය ඊයේ (27) අවසන් වීමත් සමඟ නිල වශයෙන් ණය ගෙවීම පැහැර හැරි රටක් බවට පත්වෙන බව බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කළේය.

රුසියාව යුක්රේන ආක්‍රමණය පෙබරවාරි 24 වැනිදා ආරම්භ කිරීමත් සමඟ බටහිර රාජ්‍යයන් සම්බාධක පැනවීම හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 40ක බැඳුම්කර සඳහා ගෙවීම් සිදු කිරීම අසීරු වී ඇතැයි විශ්ලේෂකයෝ පවසති.

බැඳුම්කර සඳහා ගෙවීම් සිදු නොකර සිටීමට කිසිම හේතුවක් නැතැයි ක්‍රෙම්ලිනය පවසයි. බැඳුම්කර සඳහා ගෙවීම් සිදුකල නොහැක්කේ තමන්ට පනවා ඇති සම්බාධක හේතුවෙන් බව ක්‍රෙම්ලිනය ප්‍රකාශ කළේය.

බටහිර රාජ්‍යයන් රුසියාව කෘතිමව ණය ගෙවීම පැහැර හැරි රටක් බවට පත් කර ඇතැයි ක්‍රෙම්ලිනයේ ප්‍රකාශකයෙක් පැවසුවේය.

සම්බාධක හේතුවෙන් ජාත්‍යන්තරයෙන් ණය ගැනීමට රුසියාවට හැකියාවක් නොමැති අතර එමනිසා නිල වශයෙන් ණය පැහැර හැරි රටක් බවට පත් වීමෙන් රුසියාවට බලපෑමක් එල්ල නොවන බව ව්ශ්ලේෂකයෝ ප්‍රකාශ කරති.

රුසියාව ණය ගෙවීම පැහැර හැරි රටක් බවට පත් වූයේ ශත වර්ෂයකට පසුව බව විශ්ලේෂකයෝ පවසති.

(රොයිටර්)



අදහස් (0)

රුසියාව ණය පැහැර හැරිය රටක් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 519 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2251 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1683 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site