සිරියාවේ ඇලෙප්පෝ නුවරට ගුවන් ප්‍රහාර එල්ල කිරීම දින දෙකකට අත්හිටුවන බව රුසියාව කියයි.නගරයේ සිටින සිවිල් වැසියන්ට සහ කැරලිකරුවන්ට නගරයෙන් පිටවීමට මින් හැකිවනු ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.නමුත් එක් ත්‍රස්ත කණ්ඩායමක් නගරයෙන් පිට වීම ප්‍රතික්ෂේප කර තිබේ.සිරියා රජය සහ රුසියාව එක්ව නගරයට ගුවන් ප්‍රහාර එල්ල කරයි.
මේ ගුවන් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් රුසියාවට සහ සිරියාවට යුද අපරාධ චෝදනා එල්ල වනු අතැයි බටහිර රටවල නායකයෝ පවසති.ලේ තැවරුණු කුඩා දරුවෙකු බිම වැතිරී සිටින ඡායාරූපයක් ප්‍රසිද්ධ වීමත් සමග එම තත්ත්වය තවත් උණුසුම් විය.නමුත් රුසියා සහ සිරියා නායකයෝ එම චෝදනා ප්‍රතික්ෂේප කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd