රුසියාවේ පර්ම් නගරයේ හෝටලයක බිම් මහලේ වූ උණු වතුර නලයක් පුපුරා යෑමෙන් කුඩා දරුවකු ඇතුළු පස්දෙනකු අද(20) මියගොස් ඇතැයි වාර්තා වේ.

සිද්ධියෙන් පිළිස්සුම් තුවාල ලැබූ තිදෙනකු රෝහල් ගතකර ඇත.

ජල නලය පුපුරා යනවිට මොවුන් හෝටලයේ බිම් මහලේ කාමරයක නින්දේ පසුවී ඇති බව මූලික පරීක්ෂණවලින් හෙළිවී තිබේ.

නලය පුපුරා කාමරය ජලයෙන් යටවී ඇති අතර සේවකයන් පැමිණ කිහිපදෙනකු බේරාගෙන ඇත.

පුපුරා ගිය නලය ඉතා පැරණි එකක් බවත් එය 1962 වර්ෂයේ සිට ක්‍රියාත්මකව පවතින බවත් සඳහන් වේ.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)