IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


රුසියානුවෝ රටින් පලා යෑම බොරු

යුක්රේන යුද්ධය හේතුවෙන් රුසියන් හමුදාවට අමතර සෙබළුන් ලක්ෂ 3 ක් බඳවා ගන්නා බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නිවේදනය කිරීමත් සමඟ රුසියානුවන් බොහෝ දෙනකු රට හැර යෑමට උත්සාහ ගනිමින් සිටින බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

බීබීසී පුවත් වාර්තාවට අනුව රට හැර යමින් සිටින්නේ හමුදාවට බඳවා ගන්නා වයස් සීමාවේ සිටින පිරිස් යැයි ද බීබීසී පුවත් සේවය පවසා තිබේ. කෙසේ නමුත්, රුසියන් රජය බීබීසී වාර්තාව තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. රුසියන් රජය පැහැදිලි කර ඇත්තේ, රුසියානුවන් කිසිවකු එසේ රට හැර පලා නොයන බවය.

කෙසේ නමුත් බීබීසී පුවත් සේවයට අනුව, රුසියාවෙන් පිටවීමට උත්සාහ ගන්නා පිරිස් ජෝර්ජියානු දේශ සිමාවේ සැතපුම් ගණන් දිග පෝලිම්වල රැඳී සිටින බව ද පැවැසෙයි. රුසියානුවන්ට ජෝර්ජියාවට ඇතුළු වීම සඳහා රුසියානුවන්ට වීසා අවශ්‍ය නොවෙයි. මීට අමතරව රුසියාවේ සිට ෆින්ලන්තයට ඇතුළු වන රුසියානුවන් ගණන ද වැඩි වී ඇතැයි ද වාර්තා වේ.

මීට අමතරව, ජර්මනිය ඇතුළු ඇතැම් රටවල් රුසියානුවන් භාර ගැනීමට කැමැත්ත පළ කර ඇතත් ලැත්වියාව, ලිතුවේනියාව, එස්තෝනියාව සහ චෙක් ජනරජය රුසියානුවන් භාර ගැනීමට අකමැත්ත පළ කර තිබේ. මේ අතර, ඩුබායි, බෙල්ග්‍රේඩ් සහ ඉස්තාන්බුල් සඳහා වන ගුවන් ප්‍රවේශ පත්‍ර මිල ඉහළ දැමීමට රුසියන් රජය පියවර ගෙන තිබේ.

රුසියානු හමුදාවට, අතිරේක සාමාජිකයන් ලෙස බඳවා ගැනෙන්නේ, හමුදා පළපුරුද්ද ඇති පුද්ගලයන් බව රුසියන් බලධාරීන් පැහැදිලිව පවසා තිබේ. ආරක්ෂක අංශ සාමාජිකයන් ලෙස කටයුතු කරන කිසිවකු අතිරේක හමුදා සාමාජිකයන් ලෙස බඳවා නොගන්නා බව රුසියානු ආරක්ෂක අමත්‍යාංශය ද නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

(රොයිටර්)



අදහස් (0)

රුසියානුවෝ රටින් පලා යෑම බොරු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 470 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2219 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1669 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site