
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ උදහසට ලක්වී සිටි එරට විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි මියගියේ එපිබැටිඩින් නමැති මාරාන්තික විෂ ශරීරගත වීමෙන් බවත්, මෙම එපිබැටිඩින් විෂ වර්ගය ස්වභාවිකව හමුවන්නේ දකුණු ඇමරිකාවේ වනාන්තරවල වාසය කරන ගස් ගෙම්බන්ගේ සිරුරෙන් බවත් තහවුරු වී ඇත.
එපිබැටිඩින් විෂ යොදා ගනිමින්, ඇලෙක්සි නවාල්නි ඝාතනය කළේ යැයි රුසියන් ජනාධිපති පුටින් සහ රජයට චෝදනා එල්ල වෙයි. මෙලෙස චෝදනා එල්ල කරන්නේ එක්සත් රාජධානිය, ප්‍රංශය, ජර්මනිය, ස්වීඩනය සහ නෙදර්ලන්තයයි.
2024 වසරේ දී නවාල්නි ඝාතනයට ලක්වූයේ ඔහු රුසියාවට අයත් සයිබීරියාවේ දණ්ඩණ කඳවුරක සිරගතව තබා සිටියදීය. නවාල්නිගේ සිරුරේ 'එපිබැටිඩින්' මාරාන්තික විෂ තිබුණු බව බව රසායනාගාර පරීක්ෂණවලින් මේ වනවිට නිශ්චිතවම තහවුරු වී ඇත.
මෙම චෝදනා සමඟ රුසියාව සහ එක්සත් රාජධානිය, ප්‍රංශය, ජර්මනිය, ස්වීඩනය, නෙදර්ලන්තය අතරේ නව රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් නිර්මාණය වනු ඇතැයි ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd