රුසියාවේ වයඹදිග මර්මන්සාක්හිදී බෝම්බ හෙළන සුපර්සොනික් වර්ගයේ යානාවක් අනතුරට පත්වීමෙන් එහි කාර්ය මණ්ඩලයේ දෙදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
කාර්යමණ්ඩලයේ හතරදෙනකු යානයේ සිටි බවත් එයින් දෙදෙනකු දිවි බේරාගැනීමට සමත් වී ඇති බවත් රුසියානු ටාස් පුවත් සේවය පවසයි.
යානය ගොඩබැස්වීමට යෑමේදී අනතුර සිදුවී ඇති නමුත් අනතුරට හේතුව අනාවරණය වී නොමැති බව පැවසේ.
රුසියාවට අයත් මෙම යානය 1980 වර්ෂයේ දී සේවයට එක්කර ගෙන ඇත.
(සීඑන්එන් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd