
යුක්රේනය සහ රුසියාව අතරේ, සිරකරු හුවමාරුවක් සිදුවිය. සිරකරුවන් 390 දෙනකු හුවමාරු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ඉදිරි දින කීපයේ දී තවත් සිරකරුවන් 600 දෙනකු පමණ හුවමාරු කර ගැනීමට නියමිත බව ද පැවැසෙයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින් පසුගිදා තුර්කියේ ඉස්තාන්බුල් නුවරදී සාකච්ඡා පැවැත්විණි. ඒ, තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ මැදිහත් වීමෙනි.
එම සාකච්ඡා සඳහා රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරුණි. පුටින් සහභාගී නොවුණු බැවින් තමන් ද සහභාගී නොවන බව සෙලෙන්ස්කී පැවැසීය.
සාකච්ඡා පැවැත්වූයේ දෙරටේ නියෝජිතයන් අතරේය. සටන් විරාමයක් සඳහා එකඟතාවක් ඇතිකර නොගැණුනත්, සිරකරුවන් හුවමාරු කර ගැනීමට දෙපාර්ශ්වයම එකඟ විය. ඒ අනුව, සිරකරුවන් 1000 ක් හුවමාරු කර ගැනීම සිදුවනු ඇත.
සිරකරු හුවමාරුව සිදුවන අතරතුරේ, යුක්රේනයේ කිව් අගනුවරට රුසියන් හමුදාව, නියමුනක් රහිත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් 14 දෙනෙක් තුවාල ලැබූහ. ප්‍රහාරයට, ඩ්‍රෝන යානා 250 ක් සහ බැලැස්ටික් මිසයිල 14ක් අයත් වූ බව පැවැසෙයි. එසේ පැමිණි මිසයිල 6 ක් සහ ඩ්‍රෝන යානා 245 ක් ගුවනේ දී විනාශ කර දැමීඹට හැකිවුණු බව යුක්රේන ගුවන් හමුදාව පවසා ඇත.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 04
734
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රුසියන් යුක්රේන සිරකරු හුවමාරුවක්