යුක්රේන බෙලරූස් දේශසීමාවේදී රුසියන් යුක්රේන රජයේ නියෝජිතයන් අතරේ සාම කතා පැවැත්වෙද්දී, යුක්රේනයට සහාය පළ කරමින් ඊට සහභාගී වූ රුසියන් බිලියනපති රෝමන් ඒබ්‍රමෝවිච් ට රුසියාව වස දුන්නාදැයි යන සැකය මතු වී තිබේ.
ඒ, එම සාම කතාවලින් පසු බිලියනපති ව්‍යාපාරිකයා හිටිහැටියේ රෝගී වූ බැවිනි.
රෝමන් ඇබ්‍රාමොවිච් එංගලන්තයේ චෙල්සි පාපන්දු කණ්ඩායමේ හිමිකරුවන අතර, සාම කතාවලට සහභාගී වීමෙන් පසු ඔහු සහ යුක්රේන සාම නියෝජිතයන් දෙදෙනකු හිටිහැටියේ සුදුමැලි වී රෝගී වූ බව පැවැසෙයි. ඔවුහු චර්ම රෝගී තත්ත්වයකට ද මුහුණ දුන්හ. වෛද්‍යවරුන්ට පවා ඔවුන්ට සිදුවූයේ කුමක්දැයි නිවැරදිව පැහැදිලිව කීමට නොහැකි විය.
ඒ අනුව, බොහෝ දෙනා සැක කරන්නේ සාම කතා කඩාකප්පල් කිරීමේ අරමුණින්, රෝමන් ඇබ්‍රාමොවිච්ට වස දීමට රුසියන් ජනාධිපති පුටින් පියවර ගන්නට ඇති බවය. කෙසේ නමුත්, ඇමෙරිකාව පවසා ඇත්තේ එසේ වස දීමක් සිදුවුණු බවට තමන්ට කිසිදු තොරතුරක් ලැබී නැති බවය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
573
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2270
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රුසියන් බිලියනපතියාට වස දුන්නැයි සැකයක්