යුක්රේන බෙලරූස් දේශසීමාවේදී රුසියන් යුක්රේන රජයේ නියෝජිතයන් අතරේ සාම කතා පැවැත්වෙද්දී, යුක්රේනයට සහාය පළ කරමින් ඊට සහභාගී වූ රුසියන් බිලියනපති රෝමන් ඒබ්‍රමෝවිච් ට රුසියාව වස දුන්නාදැයි යන සැකය මතු වී තිබේ.
ඒ, එම සාම කතාවලින් පසු බිලියනපති ව්‍යාපාරිකයා හිටිහැටියේ රෝගී වූ බැවිනි.
රෝමන් ඇබ්‍රාමොවිච් එංගලන්තයේ චෙල්සි පාපන්දු කණ්ඩායමේ හිමිකරුවන අතර, සාම කතාවලට සහභාගී වීමෙන් පසු ඔහු සහ යුක්රේන සාම නියෝජිතයන් දෙදෙනකු හිටිහැටියේ සුදුමැලි වී රෝගී වූ බව පැවැසෙයි. ඔවුහු චර්ම රෝගී තත්ත්වයකට ද මුහුණ දුන්හ. වෛද්‍යවරුන්ට පවා ඔවුන්ට සිදුවූයේ කුමක්දැයි නිවැරදිව පැහැදිලිව කීමට නොහැකි විය.
ඒ අනුව, බොහෝ දෙනා සැක කරන්නේ සාම කතා කඩාකප්පල් කිරීමේ අරමුණින්, රෝමන් ඇබ්‍රාමොවිච්ට වස දීමට රුසියන් ජනාධිපති පුටින් පියවර ගන්නට ඇති බවය. කෙසේ නමුත්, ඇමෙරිකාව පවසා ඇත්තේ එසේ වස දීමක් සිදුවුණු බවට තමන්ට කිසිදු තොරතුරක් ලැබී නැති බවය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd