මියගිය රුසියානු බෙදුම්වාදී නායකයාට ගෞරව කිරීම සඳහා දස දහස් ගණන් පිරිස් නැගෙනහිර යුක්රේනයට පැමිණෙමින් සිටින බව වාර්තා වේ.
හතලිස් දෙහැවිරිදි ඇලෙක්සැන්ඩර් සචචෛන්කෝ පසුගිය සිකුරාදා ඩොනෙට්ස්ක් නගරයේ අවන්හළක දී බෝම්බ ප්‍රහාරයකින් මියගියේය.
ඔහුගේ ආරක්ෂක නිලධාරියා ද ප්‍රහාරයෙන් මියගිය අතර 14 දෙනකු තුවාල ලැබූහ.
රුසියාව විසින් අනුබල දෙන කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයකු වන මොහු මාරාන්තික ප්‍රහාර දෙකකින් දිවි ගලවාගෙන සිටි අයෙකු බව පැවසේ.
රුසියානු විදේශ අමාත්‍යාංශය පවසන්නේ යුක්රේන රජය මෙම ප්‍රහාරය පසුපස සිටින බවයි.
නමුත් යුක්රේන රජය මෙම චෝදනාව ප්‍රතික්ෂේප කර ඇත.
(බීබීසී ඇසුරිණි - 085)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd