IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


රුසියන් නැව කැනඩාවෙන් ඉවතට

කැනඩාව ආසන් මුහුදු පත්ලේ ඇණී විදුලිබලයත් නොමැතිව අනතුරට ලක්ව තිබූ රුසියන් නැවක් ගැඹුරු මුහුදට ඇද දැමීමට කැනඩා වෙරළ ආරක්ෂක හමුදාව කටයුතු කැර ඇත. ඔවුන් පවසන්නේ මේ නැවේ තෙල් ටොන් දහස් ගණනක් තිබූ බැවින් නැව අනතුරට ලක්වුවහොත් සිදුවිය හැකි හානිය වළක්වා ගැනීමට මෙවැනි පියවරක් ගැනීමට සිදුවූ බවයි.

අනතුරට පත් නෞකාව හයිඩා ගුයි දිවයින අසල සාගරයේ පතුලේ ඇනිගොස් තිබිණි. මෙලෙස අනතුරට පත්ව ඇත්තේ සිමුෂයර් නැමැති නෞකාවකි. එය ඇමෙරිකාවේ වොෂිංටන් සිට රුසියාව දක්වා යාත්‍රා කරමින් තිබිණි. ගෝර්ඩන් රීඩ් නමැති ටග් යාත්‍රාව උපයෝගී කරගනිමින් නැව ඇදගෙන ගොස් ඇත.

කැනේඩියානු වෙරළාරක්ෂක බලකායේ උප ලුතිනන් මිලිස්සා කියා විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ අනතුරට පත් නැවේ සහායට ඇමෙරිකා වෙරළාරක්ෂක නැවක් සමග තවත් නෞකා තුනක් පැමිණෙමින් තිබෙන බවයි. නැව අනතුරට ලක්වන අවස්ථාවේ තුවාල ලැබූ කපිතාන් වරයා හෙලිකොප්ටර් යානයකින් නැවෙන් ඉවත්කැර ප්‍රතිකාර සඳහා යොමුකැර ඇත.

පරිසරවේදීන් පවසන්නේ 1989 දී නැවකින් වු ඉන්ධන කාන්දුවකින් බ්‍රිටෂ් කොලොම්බියා මුහුදු තීරයට සිදුවූ දැවැන්ත හානිය යළි සිදුවීම වළක්වා ගැනීමට ගත යුතු සියළු ක්‍රියාමාර්ග ගැන අවධානය යොමුකළ යුතු බවයි.

 



අදහස් (0)

රුසියන් නැව කැනඩාවෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 596 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site