කැනඩාව ආසන් මුහුදු පත්ලේ ඇණී විදුලිබලයත් නොමැතිව අනතුරට ලක්ව තිබූ රුසියන් නැවක් ගැඹුරු මුහුදට ඇද දැමීමට කැනඩා වෙරළ ආරක්ෂක හමුදාව කටයුතු කැර ඇත. ඔවුන් පවසන්නේ මේ නැවේ තෙල් ටොන් දහස් ගණනක් තිබූ බැවින් නැව අනතුරට ලක්වුවහොත් සිදුවිය හැකි හානිය වළක්වා ගැනීමට මෙවැනි පියවරක් ගැනීමට සිදුවූ බවයි.
අනතුරට පත් නෞකාව හයිඩා ගුයි දිවයින අසල සාගරයේ පතුලේ ඇනිගොස් තිබිණි. මෙලෙස අනතුරට පත්ව ඇත්තේ සිමුෂයර් නැමැති නෞකාවකි. එය ඇමෙරිකාවේ වොෂිංටන් සිට රුසියාව දක්වා යාත්‍රා කරමින් තිබිණි. ගෝර්ඩන් රීඩ් නමැති ටග් යාත්‍රාව උපයෝගී කරගනිමින් නැව ඇදගෙන ගොස් ඇත.
කැනේඩියානු වෙරළාරක්ෂක බලකායේ උප ලුතිනන් මිලිස්සා කියා විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ අනතුරට පත් නැවේ සහායට ඇමෙරිකා වෙරළාරක්ෂක නැවක් සමග තවත් නෞකා තුනක් පැමිණෙමින් තිබෙන බවයි. නැව අනතුරට ලක්වන අවස්ථාවේ තුවාල ලැබූ කපිතාන් වරයා හෙලිකොප්ටර් යානයකින් නැවෙන් ඉවත්කැර ප්‍රතිකාර සඳහා යොමුකැර ඇත.
පරිසරවේදීන් පවසන්නේ 1989 දී නැවකින් වු ඉන්ධන කාන්දුවකින් බ්‍රිටෂ් කොලොම්බියා මුහුදු තීරයට සිදුවූ දැවැන්ත හානිය යළි සිදුවීම වළක්වා ගැනීමට ගත යුතු සියළු ක්‍රියාමාර්ග ගැන අවධානය යොමුකළ යුතු බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd